Monday, May 6, 2024

ඇමැති අකිලගේ ගමේ සභාවත් පොහොට්ටුවට යයි !

Must read

kuliyapitiya_PS

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සහ එක්සත් ජාතික පක්‍ෂයේ මුල්පෙල නායකයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතාගේ බලප්‍රදේශයට අයත් කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ ද බලය තහවුරු කරගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (02 දා) සමත්විය.

කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරාගැනීම වෙනුවෙන්, වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ. එම්. ආර්. පී. ජයසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දහවල් කුලියාපිටිය ප‍්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීම පැවැත්විණි.

එහිදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඊ. එම්. විජේසිරි ඒකනායක මහතාගේ නමත්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මහින්ද පුෂ්පකුමාර මහතාගේ නමත් සභාපති තනතුර වෙනුවෙන් යෝජනා විය. අනතුරුව පැවැති විවෘත ඡන්ද විමසීමේදී අතර ඡන්ද 21ක් ලබාගත් විජේසිරි ඒකනායක මහතා කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස තේරීපත් වූ අතර මහින්ද පුෂ්පකුමාර මහතා ලබාගත හැකිවූයේ ඡන්ද 16 ක් පමණි.

මෙහිදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මනෝජ් ප්‍රේමරත්න මහතා සිය ඡන්දය භාවිතාකිරීමෙන් වැළැකී සිටි අතර, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් දෙදෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් තිදෙනාද ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියහ. අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් අහිල ඉලංගෙයි මහජන කොංග‍්‍රසය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් දෙදෙනා මෙහිදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්‍ෂකයාට සිය ඡන්දය ලබාදීම විශේෂත්වයක් විය.

උපසභාපති තනතුර වෙනුවෙන් අහිල ඉලංගෙයි මහජන කොංග‍්‍රසයේ මොහොමඩ් කාසිම් ඉර්ෆාන් මහතාගේ නම සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චන්දන පුෂ්පකුමාර මහතාගේ නමත් යෝජනාවිය. නමුත් තමන් තනතුරු භාරගැනීමට අකැමැති බව ප‍්‍රකාශ කරමින් චන්දන පුෂ්පකුමාර මහතා සිය නාමයෝජනාව ඉල්ලා අස්කරගැනීමත් සමග මොහොමඩ් කාසිම් ඉර්ෆාන් මහතා නිතරගයෙන් උප සභාපති තනතුරට පත්වීය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

kuliyapitiya_PS_3

kuliyapitiya_PS_2

kuliyapitiya_PS_1

kuliyapitiya_PS_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article