Saturday, May 4, 2024

ඉතාලියේ සර්චියෝ ගංඟාව බිලිගත් වෙන්නප්පුවේ තරුණයා ගැන නැන්දා කියන කථාව …

Must read

lukaa deathඉතාලියේ ලුක්කා නගරයේ නාවේ ප්‍රදේශයේ තම මාපියන් සමග ජීවත් වෙමින් රැකියාවක් කල ලාංකික තරුණයෙක් ඉකුත් 1 දා තම යහළුවන් පිරිසක් සමග ගංඟාවක දියනාමින් සිටියදි ගිලි මියගොස් ඇති බව ඔහුගේ ඥාතීන් පවසයි මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි කුරණගේ සඳුන් හසල පෙරේරා නැමති 20 හැවිරිදි තරුණයෙකි ඉකුත් බදදා දහවල් තම යහළුවන් හතරදෙනෙකු සමග ලුක්කා නගරයේ සාන්ත ඇලිස් ප්‍රදේශයේ පිහිටි සර්චියෝ ගංඟාවේ දියනාමින් සිටියදි එක්වර එම තරුණයාව ගැඹුරු දියට ගසාගෙන ගොස් ඇති බවත් එම ස්ථානයේ සිටි ඔහුගේ යාහළුවන් අතින් අල්ලාගන්න උත්සහ කලත් එය අසාර්ථක වි ඇති බව එම තරුණයාගේ නැන්දා කෙනෙක් වන වෙන්නප්පුව බොරලැස්සේ පදිංචි කුරණගේ ශිවන්ති පෙරේරා මහත්මිය ලංකාදීපය හා පැවසීය එම ස්ථානයට ජීවිතාරක්ෂක කණ්ඩායම් හා කිමිදුම් කරුවන් පැමිණියත් පැය කීපයකට පස්සේ තමා සඳුන්ගේ මිනිය හොයාගෙන තියෙන්නේ අපිට අපේ අයියා කීවේ ඔය කියන ස්ථානයේ නාන්න සුදුසු තැනක් නෙමෙයිලු එත් මේ දරුවෝ එතනට ගිහින් සඳුන් පුතා ගොඩාක් හොඳ කෙනෙක් එයාට ගොඩාක් යාළුවෝ හිටියා හැමෝම එක්ක සුහදශීලි එත් මොකක්දෝ කරුමෙකට අපේ දරුවා අපට නැති වුනා එයා වසර 4 ට පෙර තමා ඉතාලියට ගියේ එයාගේ අම්මා තාත්තට හා එකම නංගිට මේ වුන දේ ගැන තාම හිතා ගන්න බැ, එහේ වෛද්‍යවරු කියලා තියෙන්නේ පුතාගේ කකුල්වල මස්පිඩු පෙරලීමක් නිසා මෙම දියේ ගිලීම වෙන්න ඇති කියලයි, ඉතාලියට මේ රස්නේ කාලය අපේ අය සීත කාලෙන් ගොඩාක් පීඩා විඳින නිසා රස්නේ ආපු ගමන් කරන්නේ ගංඟා මුහුදු සොයාගෙන යාම නාන්න ඇත්තටම අපි මේ විඳින දුක වෙන කෙනෙකුට නොලැබෙන්න කියාලා තමා අපි ප්‍රාර්ථනා කරන්නේ ඒ නිසා ඉතාලියේ සේවය කරන ලංකාවේ අයගේ ඥාතින් හරහාවත් ඒ අයට කියන්න තමුන් නොදන්න පළාත්වල විනෝද වෙන්න ගිහින් මේ වගේ අනතුරු කරගන්න පෙර ඒ වලින් වැලකිලා ඉන්න උත්සහ කරන්න යනුවෙන් ශිවන්ති මහත්මිය දැඩි ශෝකයෙන් පසුවුවත් අවසන් වශයෙන් පවසා සිටියාය
චන්දන ප්‍රනාන්දු -වෙන්නප්පුව

comments

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article