Friday, May 3, 2024

පොල් කිරි ටින් විකුණන ”වෛද්‍යවරයා”

Must read

doctor magazineවෙළද ප්‍රචාරණය යනු වර්ථමානය වන විට ව්‍යාපාරිකයන්ට නැතුවම බැරි දෙයකි. එහි වැදගත්කම නිසාම අවශ්‍ය තැනටත් අනවශ්‍ය තැනටත් රිංගන්නට වෙළද ප්‍රචාරණ ආයතන උත්සහ දරමින් සිටීම ඇතැම් විට උපහසාත්මක වන අවස්ථාද නැතුවාම නොවේ.
තමන්ගේ නිශ්පාදනයේ ප්‍රචාරණය සදහා ඇතැම් ආයතන විසින් යොදාගන්නා මාර්ග වෙනුවෙන් යොදාගන්නා පිරිස් ඒ නිසාම සමාජය ඉදිරියේ නොදැනුවත්වම අපහසුතාවයට හා අවමානයට  පත්වන අවස්ථවන්ට උදාහරණ රාශියකුත් එදිනෙදා ජීවිතයේදී අපට නිතරම මුණගැසීමත් එවැනි ප්‍රචාරණයන්ගේ ප්‍රථිඵලයකි.

වෛද්‍යවරයා සඟරාව යනු මාසිකව වෛද්‍ය විද්‍යාවට අදාල කරුණු පළවන, කාගේත් ගෞරවයට ලක්වූ සඟාරාවකි. එම සඟරාවේ ජුනි මස කලාපයේ පළවූ එක් ලිපියක් ලිය වී තිබෙන්නේ පොල් තෙල් වල ගුණ පිළිබදවය
. ඒ ලිපිය ලියා ඇත්තේ ද මෙරට ප්‍රධාන පෙළේ ශික්ෂණ රෝහලක වෛද්‍යවරයෙක් විසිනි. එම ලිපියට අනුව ඔවුන් පවසන පිරිදි පොල් කිරි ලබා ගැනීම සඳහා පොල් මිරිකීමේදී ඉන් 40% ක ප්‍රමාණයක් අපතේ යාම සිදුවේ. තවද පොල් කිරි ලබා ගැනීමට පොල් බ්ලෙන්ඩර් කිරීමේදී  එහි ඇති තන්තු විනාශ විමද සිදුවන බව ඔවුන් තවදුරටත් තම අදහස් දැක්වීමේදී ප්‍රකාශ කර සිටියි.
එලෙස පොල් කිරි වලට සිදුවන හානිය විග්‍රහ කරන ඔවුන් ඉන් පසු පවසන්නේ පොල් කිරි පිටිකල පොල් කිරි බවට පත් කරන්නට රත් කිරීමේදී  එහි ඇති විශේෂ ගුණාංග කිහිපයක් විනාශ වන බවයි.
මෙසේ පවසමින් තමන්ගේ විග්‍රහය අවසන් කරන ඔවුන් පවසන්නේ මේ සියල්ලටම විසදුම් වශයෙන් ටින්කළ ස්වාභාවික පොල් කිරි භාවිතා කළ හැකි බවයි. මේ ආකාරයෙන් දිවෙන මෙම විග්‍රහය කියවන්නෙකුට මේ අදහස් දැක්වීම් සත්‍ය යැයි සිතෙන තරමටම ඔවුන් මේ පිළිබදව කරුණු ඉදිරිපත් කර තිබීමත් මෙහි තවත් විශේෂත්වයකි.
කෙසේ හෝ මේ ලිපිය කියවා අවසන් කොට අනිත් පස පිටුව පෙරළන්නෙකුට දැක ගන්නට හැකි වන්නේ ටින් කළ පොල් කිරි සම්බන්දව මරීනා වෙළද නාමය යටතේ පළ වී තිබෙන දැන්වීමකි. ඒ අනුව පෙර පිටුවල සඳහන් අදහස් ඔස්සේ යමින් ඒ ලිපිය අර අඳින්නේ කුමකටදැයි දැනගැනීමට කුඩා දරුවෙකුට පවා අපහසු නොවනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article