Friday, May 17, 2024

ඉන්දියාවෙන් පළා ආ ශ්‍රී ලාංකික කතක් සහ දරු දෙදෙනා නීරෝධායනයට

Must read

ocean-1280x720

ඉන්දියාවේ සිට බෝට්ටුවකින් මෙරටට පලා විත් නිවසක සැගවී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් සහ අයගේ දරුවන් දෙදෙනා නීරෝධායනයට ලක්කර තිබේ.  පුත්තලම පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක රැදී සිටි 34 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 13 සහ 04 වන දරුවන් දෙදෙනෙකුව මෙසේ නීරෝධායනයට ලක් කර ඇත. ඉන්දියාවේ චෙන්නායි කුප්පම් සිට මෙම පිරිස පසුගිය 30 වැනිදා බෝට්ටුක ආධාරයෙන් තලෙයි මන්නාරමට පැමිණ ඇති අතර පසුව  ඔවුන් ත්‍රී රෝද රථයකින් පුත්තලම – වෙප්පමඩුව ප්‍රදේශයට පැමිණ ඇත.තමන් මෙරට පුරවැසියන් බවත්,පසුගිය කාලයේ හොර රහසේ ඉන්දියාවට පලා ගොස් එහි ජීවත් වූ බවද ඇය පවසා ඇත.  මෙම කාන්තාව සහ දරුවන් තලෙයි මන්නාරමේ සිට පුත්තලමට රැගෙන ආ ත්‍රී රෝද රථයේ රියදුරු සහ ඇයට සහාය දුන් පවුල් 05 ක් ද නීරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත.

 

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article