Saturday, May 4, 2024

හෝටල් හිමියා ආසාධිතයෙකුවිම නිසා ටෙලිනාට්‍ය ශිල්පීන් නීරෝධායනයට

Must read

03(1)04(1)

හලාවත – බණ්ඩරවත්ත ප්‍රදේශයේ ලැගුම් හලක නවාතැන් ගෙන සිටි 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නීරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛය පරීක්ෂකවරුන් කටයුතු කරන ලදි.  නීරෝධායනයට ලක් කර ඇත්තේ මේ දිනවල හලාවත ප්‍රදේශයේ රූපගත කරන ටෙලි නාට්‍යයක කාර්මික ශිල්පීන් පිරිසක්වය.තමන් මීට දින 07 කට පෙර මෙම නවාතැම්පලට පැමිණ ලැගුම් ගත් බව නීරෝධායනයට ලක්ව සිටින පිරිස කියා සිටී.

අදාල ලැගුම් හල පවත්වාගෙන යන පුද්ගලයා කොරෝනා ආසාධිතයෙකු බවට ඊයේ (30) හදුනා ගෙන තිබුණි.නවාතැන් ගෙන සිටි පිරිස් වලට අවශ්‍ය පහසුකම් සපයා ඇත්තේ එම පුද්ගලයා විසින් බව සෞඛ්‍ය නිලධාරීන් විසින් හදුනා ගෙන ඇත.ඒ අනුව මෙම කණ්ඩායම නීරෝධායනයට ලක් කිරීමට හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ හලාවත පොලීසියේ නිලධාරීන් 01 වැනිදා කටයුතු කර තිබුණි.

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article