spot_img
spot_img
Saturday, August 15, 2026
spot_img
spot_img

ඉරණවිල වෙරළට පාවී ආ බෝට්ටුව ඡාවාරමක් සඳහා ආවාද ?

Must read

ධීවරයින් රහිත ඉන්දීය ධීවර යාත්‍රාවක් හලාවත – ඉරණවිල මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයින් විසින් සොයා ගෙන නාවුක හමුදාවට බාර දීමට කටයුතු කර ඇත. අද (15) අලුයම 2.30ට පමණ මෙම යාත්‍රව හමුවී ඇත.

අඩි 20 ක් පමණ දිගැති පිටත එන්ජිම සවි කළ හැකි මෙම ධීවර යාත්‍රාව තුළ ධීවර ආම්පන්න,ඇදුම් හෝ ධීවරයින් භාවිතා කරණ වෙනත් කිසිදු දක්නට නැත.ඒ අනුව මෙම යාත්‍රාව කිසියම් ජාවාරමකට යොදා ගැනීමෙන් අනතුරුව මහ මුහුදේදී අතහැර දමන්නට ඇති බවට විශ්වාස කළ හැකි යැයි ආරක්ෂක අංශ සදහන් කරයි.

මීට පෙරද අවස්ථා කීපයකදීම හලාවත – ඉරණවිල සහ තොඩුවාව මුහුදු තීරයට ඉන්දීය ධීවර යාත්‍රා ගොඩ ගසා තිබියදී හමුවී තිබුණි.

හමුවී ඇති ධීවර යාත්‍රාව ඉදිරි කටයුතු සදහා මහවැව සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයට බාර දීමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article