Sunday, May 5, 2024

උතුරේ යුද සැමරුම් මර්ධනය කර දකුණට ආතල් සැපයීම

Must read

image_fba2807ffb (1)යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකරමින් පුත්තලම නගරයේ පහන් දැල්වු පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව අද ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ඔවුන් පුත්තලම තිල්අඩිය ප්‍රෙද්ශයේ  පදිංචි අවුරුදු 30-35ත් අතර වයසේ පුද්ගලයන් දෙදෙනෙකි. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පසුව මොවුන් පාපොච්චාරණයක් කර ඇති බවද  මෙම පහන් දැල්වීම උතුරේ  සහ දකුණේ සියලු දෙනාම සිහිකරමින් සිදුකරන ලද පහන්දැල්වීමක් බවද ඔවුන් පැවසූ බව ලංකාදීප වෙබ් අඩවිය පවසයි.
උතුරේ ද යුද්ධයෙන් මියගිය වූවන්  සැමරුම් පවත්වන  ස්ථාන කීපයකටම පොලීසිය ගොස් ඒවාට බාධා අවසර දිය නොහැකි බව ප්‍රකාශ කරන අයුරු මාධ්‍ය වාර්තා කර තිබුණි.  පොලීසිය විසින් ඊයේ (18) වනදා උතුරේ සිදුකරන්නට ගිය සිහිකිරීමක්ද නැවත්වීමට උසාවි නියෝගයක් රැගෙන හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා ඉදිරියේදී විරෝධාවය දක්වන අයුරු දකුණේ මාධ්‍ය වල ප්‍රදර්ශනය විය. පසුව ඔහු ඔහුගේ කාර්යාලයේ දී එම සිහිකිරීම සිදුකරන ලදී.  විග්නේෂ්වරන් මහතා දැනට සතියකට පමණ පෙරද උතුරේ ජනතාව වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මෙවර  සිහිකිරිම්  නිශ්ෂබ්දව  නිවෙස් වලට වී සිදුකරන ලෙස ජනතාවගෙන් ආයාචනයක් කරන ලදී. ඔහු ප්‍රකාශ කර තිබුණේ එසේ වුවහොත් නිරෝධායන නීති උල්ලංඝනය කිරිම වෙනුවෙන්  දින කීපයකට සිරගතවිමට සිදුවනු ඇති බවයි. එයින් හැගවෙන්නේ  මෙවර සැමරුම් තහනම් කිරිමට නිරෝධායන පනත උපයෝගි කරගත හැකි බව කලින්ම ඔවුන් නිගමනය කළ බවයි.

ඡායාරූපය උපුටා ගැනීම – www.tamilguardian.com

යුද්ධය සැමරීම යන්න වචනාර්ථයෙන් ගත්කළ යුද්ධය සැමරිමක් නොව එයින් දිවි අහිමිවූවන් ගෞරවයෙන් සිහිපත් කිරිමකි. නමුත් බලයේ සිටින  ආන්ඩුව යුද්ධයම සමරණ ගතියක් පෙනෙන්නට තිබේ. නියමාර්ථයෙන් ගත්කළ පුත්තලමේ නොව ඕනෑම තැනක පුරවැසියෙකුට   යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරිමට නිදහස මෙන්ම අයිතියක්  තිබේ.
යුද්ධය අවසන් වී වසර 11 ගතවී ඇති අතර  යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන් සැමරීම  විවිධ කොටස් වලට විවිධ වටිනාකමක් ගෙනදිය හැක. දකුණේ  ආණ්ඩු වලට යුද්ධය සැමරීම යනු සිය දේශපාලන ශක්තිය ඉස්මතු කරමින් එක් ජනවර්ගයක ප්‍රසාදය දිනාගැනීමකි. යුද්ධයෙන් ජීවිත අහිමිවූ සොල්දාදුවන්ගේ ඥාතීන්ට , මෙන්ම උතුරු නැගෙනහිර සටන්කළ මියැදුන සටන්කාමින්ගේ  දෙමාපියන්ට ද ඇත්තේ එකම වේදනාවකි. ඒ යුද්ධයෙන් තමන්ට අහිමිවූ දරුවන්,සැමියන්,ඥාතීන් අහිමීවීමේ වේදනාවයි. එම වේදනාව ජාතියකට සීමා විය නොහැක. ඒ අහිමිවිම් සම්බන්ධයෙන් හදවතට දැනෙන දේ එකමය. ගෙවන්නට වන වන්දියද එකමය.
පසුගිය අප්‍රේල් 21වනදා පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සමරා පහන් දල්වන ලදී. එම ඥාතීන්ටද දැනුන වේදනාව එකමය. නමුත්  මේ වේදනාවන් බෙදා වෙන්කර එයින් දේශපාලන වාසි ගැනීමට හැමදාම වාගේ බලයේ සිටින රජයන්  කටයුතු කරයි.
ගිය වසරට වඩා ආණ්ඩුව උතුරේ සිදුකරන යුද්ධයෙන් මියගියවුවන් සිහිකිරීම් වලට නීතිමය බාධා පැමිණවිම් වැඩිකර තිබේ. එයට හේතුව නුදුරේදි මැතිවරණයක් පැවැත්වීමට ඇති සූදානම බව පැහැදිලිය.  ඊයේ පුත්තලමේදී පහන් දැල්වූ මෙම පුද්ගලයන් අප්‍රේල් මාසයේදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් පහන් දැල්වූවා නම් මේ ආකාරයට ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා ද?  නැත. මේවායින්  ගම්‍ය වන කරුන නම් ආන්ඩුවට දිනාගත නොහැකි ජාතීන් දෙකක් මතට පීඩනයක් මුදාහරිමින් එයින්  මහජාතිය සතුටු කරමින්  මැතිවරණය ගොඩදා  ගැනීමට බලයේ සිටින ආණ්ඩුව උත්සාහා කරන බවයි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article