Saturday, May 18, 2024

කන්ටේනරයක් ගමන් කරද්දී අනුරාධපුර මාර්ගයේ පාලමක් කඩා වැටෙයි

Must read

  315135_2 (10.48am )අද(11) උදෑසන පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ 38 කණුව පාලම  ගිලාබැසීමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී තිබේ.
පාලම මතින් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් අද උදෑසන ගිලා බැසීමකට ලක්ව ඇත.මේ හේතුවෙන් අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන් 38 කණුව ප්‍රදේශය මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දීමක් කරනු ලැබේ.අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වන වාහන අනුරාධපුර 02 කණුව අසලින් තලාව පොලිස් වසම හරහා ගොස් තඹුත්තේගම මාර්ගයට පිවිස ඔරලෝසු කනුව අසලින් 27 හංදිය හරහා පුත්තලම මාර්ගලයට පිවිස අනුරාධපුරයට ගමන් කළ හැකිය.
පුත්තලම සිට අනුරාධපුරය දෙසට ධාවනය වන වාහන ගලයාය හංදියෙන් දකුණුට හැරී තලාව නගරයට ගොස් අනුරාධපුර මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.315135_3 315135_2 1599796417_3920267_hirunews 249926_1


ඡායාරෑප උපුටා ගැනීම – www.hirunews.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article