Sunday, May 19, 2024

කොරෝනා වසංගතයෙන් ජනතාව ආරක්ෂාකර දෙන ලෙස ඉල්ලා පා ගමනේ යන ‘ බාලකුමාර්’ හලාවතට සේන්දු වේ

Must read

wallk1සමස්ත ලෝක වාසි ජනතාව කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කර දෙන ලෙසට සියළු දෙව් දේවතාවියන්ගෙන් ඉල්ලා දකුණේ සදිටය උතුරට සාම ගමනක කිරතව සිටින පුද්ගලයෙක් අද( 11 දා ) දහවල් හලාවත මුන්නේශ්වරම පුද බිම වෙත පැමිණ දෙවියන් වැද පුදා ගෙන ආශිර්වාදය ලබා ගත්හ. ගාල්ල මහමෝදර පදිංචි 45 හැවිරිදි අවිවාහකයෙකු වන එස්.සුබ්‍රමනියම් බාල කුමාර මහතා මෙම සාම ගමනෙහි නිරතව සිටි. ඔහුගේ අරමුණ මේ වන විට සමස්ත ලොක්වාසි ජනතාව භිතියට පත් කරමින් ලෝකයටම තර්ජනයක් වි ඇති කොරෝනා වසංගතයෙන් සියළු ජනතාව බේරා දෙන ලෙසට දෙවියන්ගෙන් ඉල්ලා සිටිමයි. ඉකුත් අගෝස්තු මස 8 වන දින ගාල්ල මහ මෝදරින් ගමනාරම්භ කළ ඔහු මාාතර හම්බන්තොට මහියංගණය ත්‍රිකුණාමලය ඔස්සේ යාපනය ගොස් නාග විහාරය වැද පුදා ගෙන යළි අනුරාධපුර පුත්තලම කොළඹ හරහා ගාල්ලට සේන්දුවිමට අපේක්ෂා කරයි. මෙම ගමනේ දි තමන් පයින්ම කිලෝ මිටර් 3000 ක දුරක් ගමන් කරණ බවත් මෙවන් දුශ්කර ක්‍රියාවකට සම්බන්ධවිමෙන් ජනතාව නිදහස ලැබුණොත් තම අරමුණ ඉටු වන බවත් ඔහු කියයි. එමෙන්ම ඔහු අපේ රටේ ජනාධිපති අගමැති ඇතුළු සියළු රට වැසියනට සෙත් පැතිමද තම අරමුණු අතර වන බවත් කියයි. මේ මස 25 වන දින වන විට තමන් යළි පයින්ම ගාල්ලට සේන්දුවන බවත් බාලකුමාර් මහතා පැවැසිය.WALLK 7 WALLK3 WALLK6


ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article