Sunday, May 19, 2024

කල්පිටියේදී ‘කහ’ තොගයට ගිණි තබයි

Must read

_DSC4907

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයේ සිට මෙරටට ගෙනවිත් තිබූ කහ කිලෝ ග්‍රෑම් 1455 ක් ගිනි තබා විනාශ කිරීමට කල්පිටිය පොලීසියේ නිලධාරීන් කටයුතු කළේය.

07 වැනිදා සවස කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී මෙම විනාශ කිරීම සිදු කරන ලදි.

කල්පිටිය පල්ලිවාසල්තුරේ – අම්මාතෝට්ටම් ප්‍රදේශයේ කැලෑවක සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 1455 ක් 07 වැනිදා පෙරවරුවේ පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය ඒකකය විසින් තම බාරයට ගෙන තිබුණි.එම කහ තොගය ගෝනි 51 ක අසුරා තිබී ඇත.කහ තොගය සමග එක සැකකරුවෙකුද වැටලීම සිදු කළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු පුත්තලම – මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝග සහ උපදෙස් මත පොලිස් බාරයට ගෙන තිබූ කහ තොගය ගිනි තබා විනාශ කළ බව කල්පිටිය සහකාර පොලිස් අධිකාරීවරයා පැවසීය.ගිනි තබා විනාශ කර ඇති කහ තොගයේ වෙළද පළ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට වැඩි බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article