Tuesday, May 7, 2024

මාදම්පේ වැලි අර්බුදයට රජයේ වගකිවයුත්තන් මැදිහත් නොවන්නේ ඇයි?

Must read

madampe 8
(18.23pm)  දැනට සති කීපයකට පෙර මාදම්පේ ප්‍රදේශයේ සිදුකෙරෙන සිලිකා සදහා වැලි කැපීම හා සේදීම නිසා මතුවී ඇති පරිසර ප්‍රශ්නයක් හේතුකොටගෙන එම ප්‍රෙද්ශයේ ආගමික නායකයෙකු ඇතළු ප්‍රෙද්ශවාසීන් එකතු වී උපවාසයක නිරත වූහ. මෙයට අමතරව ගම්මාවාසීන්ද විරෝධතාවයක නිරත විය. මේ සියල්ල අවසානයේ  ප්‍රශ්නයට විසදුමක් නොමැතිව උපවාසය අවසන්වූ අතර මෙම ගැටළුව යොමුකරන ලද්දේ මාදම්පේ ප්‍රදේශීය ලේකම්වරයාටය. වැලි කැපීමේ සහ සේදීමේ නිරතව සිටින්නේ පවතින රජයේ අනුග්‍රහය ලත් පුද්ගලයින් වන අතර මෙම විරෝධතාකරුවන් සිය විරෝධය වර්තමාන රජයට එල්ල නොකීරිමට වගබලාගත්තේ ඔවුන් ද මෙම රජය පත්කිරීමට දායකවූවන් වූ නිසා යැයි විවේචනයක් මතුව තිබිණි. කෙසේ වුවත් දවස් 05ක් පමණ පැවති උපවාසයට විපක්ෂයේ හෝ ආන්ඩු පක්ෂයේ කිසිදු දේශපාලකයෙක් පැමිනියේ නැත. දැන් මෙම ප්‍රශ්නය එසේ තිබියදී මෙම ගම්වලින්   වැලි කැණිම් සිදුකරන හා ප්‍රවාහනය කරනු ලබන  පුද්ගලයන් පිරිසක් ඊයේ (08) වනදා  මාදම්පේදී විරෝධතාවයක් පවත්වන ලදී. ඔවුන් පවසා සිටියේ  මාදම්පේ ගම් කීපයකින් වැලි කැනීම් සිදුකිරීමට අවසර ප්‍රදේශීය  ලේකම් කාර්යාලයෙන් ලැබී ඇති බවත් මෙයට ගම්වාසීන් සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් විරෝධය පාන බවත්ය. ඔවුන් පවසන්නේ මෙම විරෝධය නිසා තමන් ආර්ථික වශයෙන් විවිධ දුෂ්කරතා වලට මුහුණ දී ඇති බවයි.විරෝධතාව 5

දැන් ප්‍රශ්නය ඇත්තේ වැලි ව්‍යාපාරිකයින් හා ගම්වාසීන් අතරය. වැලි ව්‍යාපාරිකයින් ගම්වාසීන්ට NGO බෝඩ් එක අලවා ඇත. එයින් ඇගවෙන්නේ ස්වාමීන්වහන්සේ ඇතුළු ගම්වාසීන් මෙම වැලි ප්‍රශ්නයට විරෝධය දක්වන්නේ තමන්ගේ ඇත්ත ප්‍රශ්නයක් නිසා නොවන බවද ?   මෙම NGO ලේබලය රාජපක්ෂවාදීන් තමන්ව විවේචනය කරන්නන්ට අලවන කෝකටත් තෛලය වැනි  ලේබලයිකි. මෙතනදී මාදම්පේ ජනතාවට ද  වැලි ව්අ‍යාපාරිකයින්ල විසින්වා එම ලේබලය අලවා  ඇත.
වැලි කැණීම් නිසා තමන්ගේ පානීය ජලය අපිරිසිදු වී ඇති බව උපවාසයේ නිරතවූවෝ පවසයි. එයට අමතරව තවත් ප්‍රශ්න රාජයකට මෙම වැලි කැපීම හා ප්‍රවාහනය නිසා මුහුණ දී ඇති බව ඔවුන් පවසන ලදී. වැලි ව්‍යාපාරිකයින් පවසන්නේ තමන්ට නීත්‍යානුකූළ බලපත්‍ර ඇති බවයි. නමුත් පරිසර ප්‍රශ්නයක් මතුව තිබේ.  එසේ නම් වගකිවයුතු ආයතන විසින් වැලි ව්‍යාපාරිකයින්ට ලබාදී ඇති අවසර පත්‍ර නැවත අවලංගු කිරීම හෝ මේ සමබන්ධයෙන් පාරසරික වාර්තාවක් ලබාගෙන මෙම ප්‍රශ්නය විසදීමට බලධාරීන් පියවර ගතයුතුය. මුළු රටේම මේ වනවිට උද්ගතවී  ඇති මෙම වැලි ගොඩදැමීම,බොරළු කැපීම් විශාල පරිසර විනාශයකට මගපාදන බව දැනටමත් පරිසරවේදීහු අවධාරණය කර ඇත.
එසේ තිබියදී වර්තමාන ජනාධිපතිවරයා විසින්  වැලි ප්‍රවාහනයට තිබූ තහංචි ඉවත්කර ප්‍රවාහනට අවසර දීමෙන් උද්ගතව ඇත්තේ අසීමාන්තකව වැලි ජාවාරම සිදුකිරීමකි. සීමා කර තිබූ වැලි කැපීම් දැන් වැඩිවී ඇත.
මෙම තත්ත්වයට පවතින රජය සෘජුවම වගකිවයුතු වන අතර මාදම්පේ උද්ඝෝෂකරුවන් සිය විරෝධය රජයට එල්ල කිරීම වෙනුවට රාජ්‍ය නිලධාරීන් තෝරාගන්නා ලදී.   වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරැව යැයි කියමනක් තිබේ. මාදම්පේ වැලි ප්‍රශ්නය සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ ද එයයි.  ගමේ වැලි කපන්නට ,වැලි අදින්නට බලපත්‍ර ලබාදී පුද්ගලයින්ට පවතින දේශපාලනයේ හය්ය ලැබෙනවා නම් ඔවුන්ගේ විරෝධතාවයට අරමුණක් තිබේද? අර්ථයක් තිබේද?

madampe 8 madampe 4

ඡායාරූප –  ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article