Sunday, May 19, 2024

ලොකු හාමුදුරුවන්ගේ ATM කාඩ් එකෙන් මුදල් සොරාගත් පොඩි හාමුදුරුවෝ අත්අඩංගුවට

Must read

ATMCARD

ලොකු හාමුදුරුවන්ට අයත් ස්වයංක්‍රීය බැංකු කාඩ්පත භාවිතා කරමින් රුපියල් 3,61,000 ක මුදලක් සොරකම් කළ බව කියන පොඩි හාමුදුරුවන් වහන්සේ නමක්ව දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දංකොටුව – ඇටියාවල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන පුජ්‍ය ගිරාදුරුකෝට්ටේ ධම්මසිරි හිමියන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව සිදු කරන ලද විමර්ශණයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විහාරස්ථානයේම වැඩ වාසය කළ 20 හැවිරිදි ස්වාමීන්වහන්සේ නමක්වය.

විහාරස්ථානාධිපති හිමියන් විසින් පුද්ගලික බැංකුවටක පවත්වා ගෙන යන බැංකු ගිණුමට අදාල ස්වයංක්‍රීය කාඩ්පත සොරකම් කර දින කීපයක් තුළ මුදල් ලබා ගැනීම සිදු කර ඇති බවද පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වීඇත.

සොරකම් කරන ලද බව කියන මුදල් විහාරස්ථානය පිටුපස සගවා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.මෙම සොරකට අනුබල දෙමින් සහාය වූ බව කියන ඇටියාවල ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති පොඩි හාමුදුරවන්ව සහ සැකකරුව මාරවිල දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article