Sunday, May 19, 2024

සෙට්වීමට ගොස් මාරයාටම සෙට් වෙන – අපොයි අපේ තරුණ පරපුර !

Must read

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල, දරමිටිපොළ ප්‍රදේශයේදී යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන, කාණුවකට වැටීමෙන් එහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේදී එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත් වූ පුවත අප වෙබ් අඩවිය විසින් වාර්තා කළේ‍ය.

ඊයේ රාත්‍රි 8.20 ට පමණ සිදු වී ඇති මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ බී.එම්.චතුර සම්පත් බන්නක නැමැති 26 හැවිරිදි තරුණයෙකු සහ ඩබ්ලිව්.එම්.චානක මදුශංක නැමැති 23හැවිරිදි තරුණයෙකි.මෙම තරුණයින් දෙදෙනාම ගොකරැල්ල, නැෂනල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

චතුර සම්පත් මිය යන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමුවැනි විමර්ශණ රෙජිමේන්තුවට අනුයුක්තව එහි ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස සේවය කරමින් සිට ඇති බවත් ,චානක මදුශංක විදෙස් රැකියාවක් සදහා ජපානයට යාමේ අපේක්ෂවෙන් පසු වූ බවද මේ වන විට අනාවරණය වී තිබේ.

මෙම අනතුරින් තරුණයින්ගේ හිස්කබල්වලට,සුසුම්නාවට සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදු වූ තදබල හානි මෙම මරණයට හේතු වී ඇති බව අද කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව කුරුණෑගල ‍විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා විසින් නිගමනය කළේය.

ඊට අමතරව මෙම මරණ පරීක්ෂණයේදී හෙළි වූ තවත් කරුණු ගණනාවකි.

1. අනතුර සිදුවන අවස්ථාව වන විට තරුණයින් දෙදෙනාම හෙල්මට් පැළද සිට නැත.
2. අනතුර සිදුවන අවස්ථාව වන විට අධික වේගයකින් යතුරු පැදිය ධාවනය කර තිබේ.
3.අනතුර සිදුවන අවස්ථාව වන විට දෙදෙනාගේම ශරීරවල අධික ඇල්කොහොල් ප්‍රමාණයක් ශරීරගත වී තිබූ බව සොයා ගැණිනි.

කුරුණෑගල -දඹුල්ල මාර්ගයේ නවීකරණ කටයුතුවලට සමගාමීව ඉදිකර තිබූ කොන්ක්‍රීට් කාණුවක් මෙම තරුණයින්ට මර උගුළක් බවට පත් වූ බව ඊයේ රාත්‍රියේදි ඇතැම් අය විසින් ප්‍රකාශ කළ නමුත් මෙම තරුණයින්ගේ අකල් මරණවලට සැබෑ හේතුව කුමක්දැයි ඉහත කරුණු එකට ගැලපීමෙන් කුඩා දරුවෙකුට වුවද සිතාගත හැකි වනු ඇත.

මිය ගිය තරුණයින්ට නිගා කිරීමේ දුෂ්ට චේතනාවක් අප හට නැතත්,අකාලයේ මහ මග මිය යන්නට සිදු වූ ඔවුන්ගේ අවාසනාවන්ත මරණවලින් ජීවත් වී සිටින උන්වත් හැදිය යුතු බව අපගේ විශ්වාසයයි.

පසුගිය මාස කිහිපයේදීම ‍කුරුණෑගල -දඹුල්ල මාර්ගයේ මෙන්ම ඒ අවට සිදු වූ මාරාන්තික අනතුරුවලින් බහුතරයකටම මත්පැන් සෘජුවම සම්බන්ධ බව ගොකරැල්ල පොලිසිය විසින් පවත්වාගෙන යන වාර්තාවලින් පැහැදිලිය.

එබැවින්, ජීවිතය රැදී ඇත්තේ අරක්කු ‍වීදුරුවක හෝ පැයක දෙකක ‘සෙට්වීමක’ නොවන බව අප රටේ තරුණයින් විසින් දැන්වත් තේරුම්ගත යුතුව තිබේ. අරක්කු ‍වීදුරුවෙන් හෝ ‘සෙට්වීමෙන්’ තොර ලොවක් නැතිම යැයි සිතෙන්නේ නම් ”කෑවාට බීවාට පසුව පාරට නොබැස ඉන්න තැනක වැටී දෙයියනේ කියා නිදාගනිල්ලා !”යැයි මෙරට තරුණ ප්‍රජාවගෙන් අතිශය ආයාචනාත්මකව අප ඉල්ලා සිටිමු.

accident_daramitipola2 accident_daramitipola3 accident_daramitipola4 accident_daramitipola5 accident_daramitipola6 accident_daramitipola7 accident_daramitipola accident_daramitipola1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article