Tuesday, May 7, 2024

වනාතවිල්ලුව පොලිසිය පින් අතේ වැඩක.

Must read

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති විහාරස්ථාන අතරින් අතිදුෂ්කර විහාරස්ථානයක් ලෙස සැලකෙන නාගමඩුව ධම්මවිජයාරාම විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවැති සංඝාවාසයක් ඉදිකිරීමේ කටයුතු වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ මූලිකත්වයෙන් පසුගියදා ආරම්භ විය.

මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සදහා අළුතින් ඉදිකිරීමට නියමිත මෙම සංඝාවාසයේ ඉදිකිරීම් කටයුතු වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ සියලු පොලිසි නිලධාරින්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකිරීමට නියමිතව තිබේ.

ආගමික සහජීවනය සංකේතවත් කරමින් ප්‍රදේශයේ අන්‍යාගමික පූජකවරුන්ගේද සහභාගිත්වයෙන් අභිනව සංඝාවාසයට මුල්ගල් තැබීමේ උත්සවය වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඉතා උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබුණි.

පුත්තලම කොට්ඨාශ භාර නිළධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සෙනරත් පද්මලාල් සදුන්ගහවත්ත මහතාගේ සංකල්පයක් මත, වනාතවිල්ලුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත නානායක්කාර මහතාගේ උපදෙස් මත,වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විමල් වතුලියද්ද,උප පොලිස් පරික්ෂකවරුන් වන පියරත්න, දිසානායක සහ පොලිස් සැරයන් විජේසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීහු මෙම පුන්‍ය කටයුත්තට එක් වී සිටියහ.

වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන / වනාතවිල්ලුව තිලක්ෂි කෞෂල්‍යා

wanathawilluwa_sangawasa3 wanathawilluwa_sangawasa1 wanathawilluwa_sangawasa5 wanathawilluwa_sangawasa6 wanathawilluwa_sangawasa4 wanathawilluwa_sangawasa2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article