Saturday, May 4, 2024

කුකුළන් කොටවා පොලිසියට කොටු වෙති.

Must read

කුලියාපිටිය, ගල්පොළ ප්‍රදේශයේ පිහිටි සුවිසල් වත්තක් මැද රහසිගතව පවත්වාගෙන ගිය පොර කුකුල් කොටුවක් වටලා එහි මුදල් ඔට්ටුවට පොර කුකුලන් කොටවමින් සිටි සැකකරුවන් අට දෙනෙකු සහ පොර කුකුල් ජෝඩු දෙකක් කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන එAකකයේ නිලධාරීන් විසින් පෙරේදා (21 දා ) අත්අඩංගුවට ගනු ලැබූහ.

පොලිසිය එම ස්ථානය වටලන විට විශාල ලෙස මුදල් ඔට්ටු අල්ලා පොර කුකුලන් කෙටවීම සිදුකරමින් තිබී ඇති පොලිසිය පැමිණීමත් සමග එක් සැකකරුවෙකු පලා ගොස් තිබේ. පලා ගිය තැනැත්තාගේ අනන්‍යතාව මේ වනවිටත් තහවුරු කරගෙන ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විශේඹ මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලිසිය කියයි.

සැකකරුවන් පොර කුකුල් පිටියට පැමිණි බව කියන යතුරුපැදි නවයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කුකුලන් ජෝඩු දෙක අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ.

කුලියාපිටිය කොට්ඨාශය භාර පොලිස් අධිකාරී කපිල කඩුපිටිය සහ සහකාර පොලිස් අධිකාරී ධර්මසේන රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොට්ඨාශ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක‍ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වික්‍රමනායක, පොලිස් සැරයන් පියරත්න (20620) , සිසිර (22503) , සෙනෙවිරත්න (33604), පොලිස් කොස්තාපල් ෆ්‍රැන්සිස් (7015) , කරුණාරත්න (31644), මාරසිංහ (42400), කීර්ති (49090), මහින්ද (53310), ප්‍රියදර්ශන (53311), රෝහණ (57893), කාන්තා පොලිස් සැරයන් කස්තුරි (4133), කාන්තා පොලිස් කොස්තාපල් වික්‍රමසිංහ (3086) , පොලිස් කොස්තාපල් රියදුරු අනුර (2007) යන නිලධාරීහු සැකකරුවන් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

කුලියාපිටිය උපේන්ද්‍ර දිනේෂ්

pora_kukulan1 pora_kukulan2 pora_kukulan3

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article