Saturday, May 18, 2024

ජංකුරේ දේවාලය බිදලා, දෙවියොත් කොල්ල කාලා !

Must read

රිදීගම, දෙල්විට, ඓතිහාසික ජංකුරේ මහා විෂ්ණු දේවාලයේ දොර බිද දේවාභරණ සහ පූජා භාණ්ඩ තොගයක් සොරාගෙන පිරිසක් සොයා රිදීගම පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුගිය 21 වැනිදා රාත්‍රි 12 ට ආසන්න වේලාවකදී දේවාලයට පැමිණි පිරිසක් විසින් එහි ප්‍රධාන දොර කඩා ඇතුල් වී එහි තැන්පත් කර තිබූ මෙම දේවාභරණ සහ පූජා භාණ්ඩ තොගය සොරාගෙන ගොස් තිබේ.

සොරාගත් භාණ්ඩ අතර රන් ආලේපිත දුණු කොපු දොලහක්, රිදියෙන් නිමකළ විශ්ණු දේව ප්‍රතිමාවක් , රාමසර දෙකක් ( ඊතල) , බිසෝ බණ්ඩාර දෙවියන්ගේ රිදී හළඹ, හෙප්පුවක් , රිදී කුන්තයක්, මහ රන් යකදාවේ උඩ කොපුව, මැණික් ගලක් සහිත රන් ආලේපිත නෙලුම් මලක්, විශ්ණු දෙවියන්ගේ ලෝකඩ පන්දම, රුපියල් දහ දහසක් වටිනා මාරු කාසි, රිදී බන්දේසියක් සහ අලි ඇදුම් තොගයක්ද වෙයි.

වසර හත්සියයකට අධික ඉතිහාසයක් සහිත සිද්ධස්ථානයක් වන ජංකුරේ මහා විෂ්ණු දේවාලය සතු මෙම දේවාභරණ සහ පූජා භාණ්ඩ මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බව දේවාලයේ ප්‍රධාන කපු මහතා වන ඊ. එම්. ජයසිංහ බණ්ඩා මහතා කියයි.

මෙම දේවාභරණ සහ පූජා භාණ්ඩ ආපසු දේවාලය වෙත නොලැබුනහොත් ජංකුරේ මහා විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර පැවැත්වීමට නොහැකි තත්වයක් පවා උද්ගත වනු ඇති බවද ජයසිංහ බණ්ඩා මහතා පැවසීය.

දොඩම්ගස්ලන්ද ඩබ්ලිව්. ඒ. ජයසේකර

jankure_1 jankure_2 jankure_3 jankure_4 jankure_5

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article