Friday, May 17, 2024

කුණු ඇළේ ඝාතනයට හතක් සැකපිට ඇතුළට

Must read

උල් ආයුධයකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් හත්දෙනෙකු ලබන 21 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එම්. බී. රොෂාන් ගුණසිරි, එම්. ඒ. ජයරත්න, එස්. මොහොමඞ් සිරාජ්, අයි. එම්. අජිත් කුමාර, එස්. ආර්. රංජිත් සේනක, යූ. ඩී. ඒ. අනුර කුමාර බණ්ඩාර සහ එච්. ක‍්‍රිෂාන්ත නිලූෂාන් පේ‍්‍රමසිරි යන අයවඵන්ය. සැකකරුවන් කුරුණෑගල රත්කරව්ව සහ ඊතණපිටිය යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මාවතගම, වෑඋඩ , බණ්ඩාරගලවත්ත ප‍්‍රදේශයේ පදිංචි ඇන්තනී ලක්ෂ්මන් විජේන්ද්‍ර කුමාර් නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කළ බවට සැකපිට කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. උල් ආයුධයකින් උදර ප‍්‍රදේශයට ඇනීමෙන් ඝාතනය කළ බව කියන මෙම පුද්ගලයාගේ මළසිරුර කුරුණෑගල ශික්ෂණ රෝහල ආසන්නයේ පිහිටි කුණු ඇලක වැටී තිබියදී පසුගිය 11 වැනිදා පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මේ සම්බන්ධ නඩුව සැප්තැම්බර් මස 21 වැනිදා කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article