Saturday, May 18, 2024

කෘතිම රා නිෂ්පාදනාගාරයක් වටලයි

Must read

2

වලාන දුෂණ මර්ධන ඒකකය විසින්  දුම්මලසූරිය – වීරකොඩියාන ප්‍රදේශයේ විශාල පොල් වත්තක පවත්වා ගෙන ගිය කෘතිම රා නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට සමත්වී ඇත.

06 වැනිදා අළුයම මෙම වැටලීම සිදු කර ඇත.වැටලීම සිදු කරන විට එම ස්ථානයේ කෘතිම ලෙස රා නිෂ්පාදනය කරමින් සිටි අයෙකුවද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ස්ථානයේ සේවය කරමින් සිටි අයෙකු බවට හදුනා ගෙන ඇත.එම පොල් වත්තේ පවත්වා ගෙන යන කුකුළු ගොවිපලකට අවශ්‍ය කරන කෑම සකස් කිරීම සදහා ඉදිකරන ලද ගොඩනැගිල්ලක රහසිගතව සාදන ලද කාමරයක් තුළ මෙම කෘතිම රා නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් තිබේ.

එම ස්ථානයේ තිබී කෘතිම ලෙම නිෂ්පාදනය කරන ලද රා ලීටර් 36,000 ක් අඩංගු ප්ලාස්ටික් බැරල් 08 ක්,කෘතිම රා නිෂ්පාදනය කිරීම සදහා යොදා ගැනීමට ගෙනවිත් ගබඩා කර තිබූ සීනි කිලෝ ග්‍රෑම් 50 බැගින් වූ මළු 47 ක්, ඇමෝනියා කිලෝ ග්‍රෑම් 25 බැගින් වූ පොලිතින් උර 03 ක්,යීස්ට් පැකට් 100 ක් පොලිස් බාරයට ගෙන ඇත.

මෙම ස්ථානයේ නිෂ්පාදනය කරන කෘතිම රා මත්පැන් නිෂ්පාදනය කරන පුද්ගලික ස්කාගාරයකට ලබා දෙන බව අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැටලීම කළ නිලධාරීන් හමුවේ පවසා ඇත.රහසිගත කාමරයේ නිෂ්පාදනය කරණු ලබන කෘතිම රා ප්‍රවාහනය කිරීම සදහා ලොරි වලට පැටවීමට නල මගින් සිදු කර ඇති බවද විමර්ශණ වලදී හෙලිවී ඇත.

සැකකරු සහ තම බාරයට ගත් දෑ වැඩිදුර විමර්ශණ කටයුතු සදහා දුම්මලසූරිය පෙලීසියට බාර දීමට වලාන දුෂණ මර්ධන ඒකකයේ නිධාරීන් කටයුතු කර ඇත.06(6) 07(5) 04(12)


ජූඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article