Sunday, May 5, 2024

වව්නියාවේ සිට කොළඹ දක්වා ධාවනයූ සුඛෝපභෝගී බස් රථයක් අනතුරට

Must read

13(3)

පුද්ගලික බස් රථයක් කැබ් රථයක ගැටී අනතුරුව පෙරළී යාමෙන් සිදුවී ඇති අනතුරකින් 05 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව සාලියවැව පොලීසිය කියයි.

06 වැනිදා රාත්‍රීයේ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ සාලියවැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

සුඛෝපභෝගී බස් රථය වව්නියාවේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබී ඇත.අධික වේගයෙන් ධාවනය වී ඇති බස් රථය මාර්ගය අයිනේ නවතා තිබූ කැබ් රථයක මුලින්ම ගැටී ඇත.අනතුරුව කැබ් රථයද සමග ඉදිරියට ඇදී ගොස් ඇති ඇති බස් රථය පෙරළී ගොස් ඇත.

අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 23 දෙනෙකු සිට ඇත.ඉන් තුවාල ලබා ඇති පස් (05) දෙනෙකු ප්‍රතිකාර සදහා නොච්චියාගම දිසා රෝහලට ඇතුළත් කර ඇත.ඒ අතරින් බරපතල තත්ත්වයේ පසුවූ තිදෙනෙකුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

අනතුර සිදු වන අවස්ථාවේ ප්‍රදේශයට වැසි ඇද හැළෙමින් තිබී ඇත.රියදුරුට බස් රථයේ වේගය පාලන කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බව පොලීසිය කියයි.

බස් රථයේ රියදුරුව සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

11(1)


ජූඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article