Thursday, May 2, 2024

කොවිඩ් ආසාධනය වූ දෙදෙනෙකු බංගදෙණිය සහ දංකොටුවෙන්

Must read

download

(10.43am) පෑලියගොඩ මත්ස්‍ය වෙළසැල සමග සම්බන්ධතා පැවැත්වූ හලාවත – බංගදෙණිය සහ දංකොටුව – ඇටියාවල පදිංචිකරුවන් දෙදෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.

දංකොටුව – ඇටියාවල පදිංචිකරුවා පසුගිය 21 වැනිදා සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයකින් අනතුරුව තම නිවසට පැමිණ ස්වයං නීරෝධායනය වෙමින් සිට ඇත.23 වැනිදා ඔහු කොවිඩ් ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇත.මේ වන විට එම ප්‍රදේශයේ නිවාස 17 ක පුද්ගලයින් 74 දෙනෙකු ස්වංය නීරෝධායනයට ලක් කර ඇත.

බංගදෙණිය පදිංචි පුද්ගලයා පසුගිය 17 වැනිදා නිවසට පැමිණ සිට 21 වැනිදා ආපසු ගොස් ඇත.21 වැනිදා ඔහු පෑලියගොඩ දක්වා ගමන් කර ඇත්තේ යාපනයේ සිට තංගල්ල දක්වා ධාවනය වන මගී බස් රථයක බවද සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත.21 වැනිදා සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයකින් අනතුරුව ඔහු දියතලාව නීරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇත.23 වැනිදා අනාවරණය වී ඇත්තේ ඔහු කොවිඩ් ආසාධිතයෙකු බවය.එම ආසාධිතයගේ බිරිද සහ දරුවා මේ වන විට ස්වංය නීරෝධායනයට යොමු කර ඇත.

ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා සෞඛ්‍ය අංශ විමර්ශණයක් ආරම්භ කර ඇත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article