Friday, May 17, 2024

මස්සිනා වෙනුවෙන් උසස් පෙළ ලියූ පුද්ගලයෙකු අත්අඩංගුවට

Must read

1

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට තම මස්සිනා වෙනුවෙන් පෙනී සිටි අයෙකුව විභාග ශාලාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව කල්පිටිය පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.

පසුගිය 23 වැනිදා පැවති දේශපාලන විද්‍යාය අංක 02 ප්‍රශ්ණ පත්‍රය සදහා සැකකරු පෙනී සිට ඇත.සැකකරු පාලාවිය – කරඹ පදිංචි වයස අවුරුදු 23 ක් වන අයෙකි.

ගාල්ල – ගිංතොට පදිංචි පුද්ගලයෙකු අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සදහා පුද්ගලිකව අයදුම් කර ඇත.එම අයට විභාගයට පෙනී සිටීම සදහා ලැබී ඇත්තේ කල්පිටිය නිර්මල මාතා මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයයි. නියමිත අයදුම්කරු වෙනුවට වෙනත් අයෙකු විභාගයට පෙනී සිටින බව විභාග ශාලාධිපතිවරයා විසින් නිරීක්ෂණය කර ඇත.ඒ අනුව විභාගයට පෙනී සිටි අයගෙන් ප්‍රශ්ණ කරන විට තොරතුරු හෙලිවී ඇත.

විභාගය සදහා අයදුම් කර ඇත්තේ තම සහෝදරියගේ ස්වාමි පුරුෂයා බවත්, ඔහු වෙනුවෙන් තමන් විභාගය පෙනී සිටි බවත් සැකකරු විභාග ශාලාධිපතිවරයා හමුවේ පවසා ඇත.අනතුරුව සැකකරු කල්පිටිය පොලීසියට බාර දීමට විභාග ශාලාධිපතිවරයා කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 


 

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article