Friday, May 17, 2024

ග්‍රාම නිළධාරිණියට ලිංගික බලපෑම් කළ ,ප්‍රා.ලේකම්වරයාට එරෙහිව කල්පිටියේදී විරෝධතා

Must read

kalpi1 kalpi3 kalpi5

ග්‍රාම නිලධාරීණියකට දුරකතනයෙන් ලිංගික බලපෑම් සිදුකිරීම හේතුවෙන්   කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව එම ග්‍රමා නිලධාරිනිය වසින් සිදුකළ පැමිනිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු  රුපියල් ලක්ෂ 03 ක ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම දිසා විනිසුරු එස්.ඒ.ෆහාමින් මහත්මිය පසුගිය 19 වැනිදා සවස කටයුතු කරන ලදී. මෙම සිදුවීම මුල්කරගනිමින් ඊයේ (22 වනදා )  කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලකට එරෙහිව  විරෝධය පළ කරමින් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියළුම ග්‍රාම නිලධාරීන් පසුගිය 17 වැනිදා සිට ලෙඩ නිවාඩු වාර්තා කර ඇත.19 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල රාජකාරි සදහා පැමිණි ග්‍රාම නිලධාරීන් කළු පටු පැළද තිබුණි. මෙම ප්‍රා.ලෙකම්වරයාට චෝදනාව එල්ල කළ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කරන ග්‍රාම නිලධාරීණිය ප්‍රාදේශීය ලේකම්වරයා හා තමන් අතර පැවති  දුරකතන සංවාදයේ හඩ පටයක්ද ග්‍රාම නිලධාරීණිය විසින් ඉදිරිපත් කර ඇත. ඊයේ ඔහු විසින් කල්පිටිය ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ඔහුට විරෝධය පළකරමින් උදගෝෂණයක් ද සංවිධානය කර තිබුණි.

ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව සිදු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින්ද වෙනමම විභාගයක් ආරම්භ කර ඇති බව පුත්තලම දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසා තිබේ.


ඡායාරූප උපුටාගැනීම – puttalamonline.com
.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article