Thursday, May 2, 2024

ක්‍රීඩා පිටියක් සකස් කිරීමේ මුවාවෙන් බොරළු කැපූ නවගත්තේගම ප්‍රා.සභාපතිවරයාට ප්‍රදේශවාසීන්ගේ විරෝධය

Must read

10(4)නවගත්තේගම – අමුණූවැව  ගම්මානයේ ඇති රජත යෞවන සමාජයට වෙන් කර ලබා දී ඇති ක්‍රීඩා පිටිය තුළ බොරළු කැපීමට එරෙහිව ප්‍රදේශවාසීන් දැඩි විරෝධතාවයක් එල්ල කරන ලදි.

2015 දෙසැම්බර් මස 10 වැනිදා නවගත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අක්කර 02 ක භූමියක් අමුණුවැව රජත යෞවන සමාජයට ක්‍රීඩා පිටියක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දී ඇත.එම ඉඩමට ආසන්නයේ ඇති ගස් කොළන් වලට හානි නොකිරීම සහ ක්‍රීඩා පිටිය සකස් කිරීමේදී කිසිදු ඛණිජ ද්‍රව්‍යයක් ඉවත් නොකරන ලෙසටද ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කොන්දේසි කීපයක්ද පනවා ඇත.මෙම ඉඩමට යාබදව සේවා පියස,පෙර පාසල සහ සායන ගොඩනැගිල්ලක්ද පවත්වාගෙන යයි. එමෙන්ම ප්‍රදේශයේ තරුණ තරුණියන් විසින් තමන්ට ලැබී ඇති ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම සදහා පසුගිය කාලය තුළ අවස්ථා කීපයකදීම දේශපාලන අධිකාරියෙන්ද ඉල්ලීම් කර තිබී ඇත.

එවන් පසුබිමක් තුළ නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් ක්‍රීඩා පිටිය පිළිසකර කරන මුවාවෙන් එහි බොරළු කැපීම ආරම්භ කර ඇත. ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධයක් පළ කර සිටියේය.මෙම ඉඩමේ බොරළු කැපීමට සහ ඉවත් කිරීම සදහා පතල් හා භූ විද්‍යා කැනීම් කාර්යංශයෙන් අවසරයක් ලබා ගැනීමටද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් විමසූ විට පතල් හා කැණීම් කාර්යංශයෙන් පවසා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය මත අදාල බලපත්‍රය නිකුත් කර ඇති බවත්,අවශ්‍ය වන්නේ නම් එම බලපත්‍රය අවලංගු කළ හැකි බවත්ය.

බොරළු කැපීම සදහා බැකෝ යන්ත්‍ර සහ එම බොරළු ප්‍රවාහනය කිරීම සදහා ටිපර් රථද එම ස්ථානයට ගෙනවිත් තිබුණි. නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාද සිද්ධිය සමථයකට පත් කිරීම සදහා මැදිහත් වී සිටියේය.

ක්‍රීඩා පිටියක් සකස් කරන විට එහි ඇති කිසිදු ඛණිජ ද්‍රව්‍යයක් ඉවත් නොකරන ලෙස හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා කොන්දේසි පනවා තිබෙන විට එම භූමිය තුළ බොරළු කැපීමට අවසර ලබා දී ඇත්තේ කුමන පදනමකින්ද යන්න ගැටළුවක් බව ප්‍රදේශවාසීන් කියයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන බව පුත්තලම දිසා ලේකම්වරයා සදහන් කරයි.14(6) 22(2) 20(2) 13(6)


ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article