Friday, May 17, 2024

වෙන්නප්පුවෙන් -පෑලියගොඩට ගිය මාළු ව්‍යාරිකයින් පිරිසක් නීරෝධායනයේ

Must read

c&w(5.15PM)
පසුගියදා  පෑළියගොඩ මාළු වෙළද සංකීර්ණයේ වෙළෙඳුන්ට කොරෝනා ආසාධනය වීමත් සමග ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය  එම  ස්ථානයට සම්බන්ධ වූ පිට පළාත්වල පුද්ගලයින්ට බලපාන්නට විය.
වෙන්නප්පුව මාළු වෙළඳපොල ආශ්‍රිතවද  කොරෝනා බියක් ඇතිවී තිබු අතර, පෑලියගොඩ මාළු වෙළදපලට ගිය ව්‍යාපාරිකයන් මෙන්ම පෑලියගොඩින් – වෙන්නප්පුවට පැමිණි ව්‍යාපාරිකයින් පැමිණ තිබීම ද මෙම බියට හේතුවක් වී තිබුණි. කෙසේ වුවත් පෑලියගොඩට ගොස් ඇතැයි සැලකෙන ව්‍යාපාරිකියන් කිහිප දෙනෙකුට මේ වනවිට සිය නිවෙස් වලට වී නිරෝධායනය වනලෙස සෞඛය අංශ නිලධාරීන් දැනුම් දී ඇති බව වාර්තා වේ.
වෙන්නප්පුව – ලුනුවිල ප්‍රදේශයේ පදිංචි, කොළඹ වරායේ සේවයේ නියතු  පුද්ගලයෙකට දැනට සති දෙකකට පමණ පෙර කොරෝනා අසාධනයවීමත් සමග ඔහුව ප්‍රතිකාර සඳහා යොමුකරන කරන ලදී. මෙම සිදුවීමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයන්  හා ඔහු ආ ගිය   ,ලුණුවිල ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක පුද්ගලයන් කිහිපදෙනෙකුව සෞඛ්‍ය අංශ විසින්  පී.සී.ආර්. පරීක්ෂන සිදුකර ඇති අතර මේ වනතෙක් ඔවුන්ගේ වෛද්‍ය වාර්තා අසාධනයෙන් තොර බව වාර්තා වේ. ඔවුන්ට දෙවෙනි වරටද පී.සී.ආර් පරික්ෂණ සිදුකර ඇත. මෙම  පුද්ගලයන් කිසිවෙකුටත් කොරෝනා රෝගය මේ වනතෙක්  ආසාධනය වී නොමැතිබව මේ වනවිට තහවුරු වුවත් දින 14ක කාලය ඔවුන් ස්වයංව නීරෝධායනය වීම සුදුසු නිසා ඔවුන් සිය නිවෙස් වල නීරෝධායනයේ පසුවෙති. වරායේ සේවය කළ පුද්ගලයා සම්බන්ධ වී ඇති වෙළඳසැල වැඩි ආරක්ෂාව වෙනුවෙන් සතිදෙකක කාලයකට වසා දමා තිබෙන බවත් වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් වාර්තා විය. එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසන්නේ වරායේ සේවය කළ පුද්ගලයා හැරෙන්නට  මේ වනතෙක් වෙන්නප්පුව,ලුණුවිල හෝ දංකොටුව ආශ්‍රිතව කොරෝනා ආසාධිතයින් හමුවී නොමැති බවයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article