Saturday, May 4, 2024

කෝටි දෙකක කප්පමක් ඉල්ලා පැහැර ගත් වාරියපොළ තරුණයාගේ සම්පූර්ණ කතාව මෙන්න.

Must read

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබා දෙන ලෙසට ඉල්ලමින් මෝටර් රථයකින් පැමිණි බව කියන නාදුනන පිරිසක් විසින් වාරියපොළ ප‍්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් තිබේ.

මෙලෙස පැහැරගැනීමට ලක් වී ඇත්තේ වාරියපොළ, මැල්වත්ත පාරේ තුන්වැනි පටුමගෙහි පදිංචි වී සිටි මොහොමඞ් සරුක් මොහොමඩ් ආසික් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයාගේ පියා විසින් වාරියපොළ නගරයෙහි වෙළදසැලක් පවත්වාගෙන යන අතර ඊයේ (13 දා ) දිනයේදීත් සුපුරුදු ලෙස එම වෙළදසැලේ සේවය කළ තරුණයා රාත‍්‍රි 8 ට පමණ රාත‍්‍රි ආහාරය ගෙන යාම සදහා වෙළදසැලේ සිට මීටර් පන්සියයක පමණ දුරින් පිහිටි තම නිවසට පා පැදියකින් පැමිණ තිබේ. ඒ එන අතරතුර නිවසේ සිට මීටර් 200 ක පමණ දුරින් මග රැක සිටි බව කියන පිරිසක් විසින් තරුණයාට පහරදී සුදු පැහැති මෝටර් රථයකට නංවාගෙන පලා යන ආකාරය අසල්වාසීන් විසින් දැක තිබේ. ඉන් විනාඩි පහළොවකට පමණ පසු පැහැරගැණුනු තරුණයාගේ ජංගම දුරකථනයෙන් ඔහුගේ පියා ඇමැතූ කප්පම්කරුවන් විසින් තරුණයා නිදහස් කිරීමට නම් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් අවශ්‍ය බවට ප‍්‍රකාශ කර තිබේ. පසුව තරුණයාගේ ඥාතීන් විසින් අදාල මුදල රුපියල් ලක්ෂ දෙකකට අඩුකරගෙන ඇති අතර එම මුදල රැගෙන හංහමුණ ප‍්‍රදේශයට එන ලෙස කප්පම්කරුවන් විසින් දැනුම් දී ඇත. ඒ අනුව ඥාතීන් විසින් අදාළ මුදලද රැගෙන එහි ගොස් ඇතත් එහිදී කප්පම්කරුවන් තනි පුද්ගලයෙකු වෙනුවට පුද්ගලයින් පිරිසක් පැමිණි බවට දෝෂාරෝපණය කරමින් එතැනින් පලාගොස් ඇති අතර ජංගම දුරකථනයද ක‍්‍රියාවිරහිත කර තිබේ. පැහැරගත් තරුණයා පිළිබදව මේ වන තෙක් තොරතුරක් ලැබී නොතිබිණි.

පැහැරගත් තරුණයා සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පැහැරගත් තරුණයා.wariypola kidnaped _ 4 copy

තරුණයා පැමිණි යතුරු පැදිය බිම වැටී තිබූ අයුරුwariyapola_kidnaped_02 තරුණයා පැළැද සිටි රබර් සෙරෙප්පුවක් බිම වැටී තිබූ අයුරුwariyapola_kidnaped_01

තරුණයාගේ නිවස
wariyapola_kidnaped_04

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article