spot_img
spot_img
Wednesday, July 15, 2026
spot_img
spot_img

ගරු වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමන් විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වේ

Must read

වයඹ පළාතේ හලාවත කලාපයේ හිටපු රදගුරු සහ මේ වන විට මහනුවර කලාපයේ රදගුරු ලෙස කටයුතු කරන ගරු ආචාර්ය දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමන් විසින් රචිත ” අඳුරේ ගැඹුරින් මනුෂත්වයේ ආලෝකය සොයා යන
“Out of the Depths – A Collection
of Articles” නැමැති ග්‍රන්ථය පසුගියදා එළිදැක්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්
කොළඹ 07, ග්‍රෑන්ඩ් මෙට්ලන්ඩ් හෝටලයේදී මෙම ග්‍රන්ථය එළිදැක්විම සදහා විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි.
එලෙසම මෙම
ග්‍රන්ථය එළි දැක්වීමේ අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්යාණී සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය
කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ, ආචාර්ය වටිනාගල පඥ්ඥාලෝක ස්වාමීන් වහන්සේ සහ තවත් ගරු පියතුමන්ලා, ඇතුළු කන්‍යා සොහොයුරියන් පිරිසක්ද සහභාගි වූහ. එමෙන්ම මෙම අවස්ථාවට, මහාචාර්ය ශ්‍රීනාත්
චන්ද්‍රසේකර , විශේෂඥ වෛද්‍යවරුන් වන රුවන් ඒකනායක , ක්‍රිෂාන්ත මෙන්ඩිස්, අජිත් කරුණානායක , බස්නාහිර
පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුජානි ප්‍රනාන්දු, මධ්‍යම පළාත්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්ම මහත්මීන්
ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

   මිනිස් ජීවිතයේ අර්ථය, විශ්වාසය, බලාපොරොත්තුව සහ අභියෝග හමුවේ ආලෝකය සොයා යන ආධ්‍යාත්මික

ගමන පිළිබඳව ගැඹුරු චින්තනයන් රැගත් මෙම ග්‍රන්ථය, ගරු දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩස් රදගුරුතුමන් විසින් විවිධ
අවස්ථාවල රචනා කරන ලද වල ලිපි එතතුවකි. එලෙසම රදගුරුතුමන්ගේ, රදගුරු පදවි සේවයේ 20 වන සංවත්සරය නිමිත්තෙන්
මෙම ග්‍රන්ථය එළි දක්වා තිබීමද විශේෂත්වයකි.

මිනිසාගේ ආගමිකත්වය හා භක්තිය, මානසික සුවතාවය සහ යහපැවැත්ම, අන්තර් ආගමි සංවාදය, කිතුණු සභාවේ මෙහෙවර ,
තිරසර සංවර්ධනය, සමාජ සාධරණත්වය සහ පාරිසරික අඛණ්ඩතාවය වැනි වර්තමාන සමාජයට
බෙහෙවින් වැදගත් කරුණු කාරණා රැසක් මෙම ග්‍රන්ථය තුළින් ඉතා සරලව විග්‍රහ තර තිබේ.
“Out of the Depths” යන නාමය තුළින්ම ප්‍රකාශ වන පරිදි, ජීවිතයේ ගැඹුරු අත්දැකීම් හා අභියෝග මධ්‍යයේ සිට
බලාපොරොත්තුව, විශ්වාසය සහ මනුෂ්‍යත්වයේ ආලෝකය සොයා යන ගමනක් මෙම ග්‍රන්ථය මඟින් ඉදිරිපත්
⁣කරයි.
ගරු දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමන්ගේ දීර්ඝ ආගමික හා සමාජීය සේවාමය අත්දැකීම් මෙන්ම මනුෂ්‍යත්වය කේන්ද්‍ර
කරගත් දැක්ම මෙම ග්‍රන්ථය තුළින් පිළිබිඹු වන අතර, එය මෙරට ආගමික , සමාජීය සහ මානවීය සංවාදය
තවදුරටත් ශක්තිමත් කරනා අගනා ග්‍රන්ථයක් ලෙසද හඳුන්වා දිය හැකිය.


තුෂාර රොහාන් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article