Saturday, May 18, 2024

ගැබිනි කාන්තාවකට පහරදුන් පුද්ගලෙයකු නිදැල්ලේ තැබීම ගැන රස්නායකපුර පොලීසියට චෝදනා

Must read

01වසර 10 ක පමණ කාලයක් අසල්වැසියෙකු විසින් සිදු කරන පහර දීම් සහ හිරිහැර සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසියට පැමිණිළි 30 කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇතත් මෙතෙක් තමන්ට සාධාරණයක් ඉටුවී නොමැති බව සත් මස් ගැබිණියක් සදහන් කරයි.
සිද්ධියට මුහුණ දී ඇති පල්ලම – මගුරන්කඩවල පදිංචිකාරියක් වන ආර්.එම්.ශ්‍රියාණි රාජපක්ෂ (අවු:43) මහත්මිය මෙසේ පැවසුවාය.
“අපේ නිවසට යාබදව පදිංචි වෙලා ඉන්න කෙනෙක් ගෙන් දැන් අවුරුදු 10 ක විතර ඉදලා අපිට කරදරයි.මට පාරේ යන්න බැහැ බනිනවා.ගෙට ගල් ගහනවා. පසුගිය 09 වැනිදා සවස 6.30 ට විතර මම ගෙදර තනියම හිටියේ.ඔය කියන පුද්ගලයා හොදටම බීමත්ව අපේ ගෙට ඇතුළු වුණා.ඇවිත් ගේ ඇතුළේ තිබුණු පුටු විසි කලා.පස්සේ මට හොදටම ගැහුවා.
මම මේ වන විට සත් මස් ගැබිණියක්.මම බයට බිම වැටිලා කෑ ගැහුවා.මට මොනවා වුනත් කමක් නැහැ.කුසේ ඉන්න දරුවා බේරා ගන්න මට ඕනෑ වුණා.කුළුදුලේ ලැබෙන්න ඉන්න දරුවාට කරදරයක් වෙයි කියලා මට පුදුම බයක් ඇති වුනේ.එදාම මාව හලාවත මහා රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කලා.දවස් 04 ක් මම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තා.
මගේ පාද දෙකටම තුවලයි.මේ වෙන කොටත් බෙහෙත් කරනවා.තවම තුවාල හොද වෙලත් නැහැ.
මේ සම්බන්ධයෙන් මම රස්නායකපුර පොලීසියට පැමිණිල්ලක් කලා.මට අවුරුදු ගානක් තිස්සේ සිද්ද වෙන කරදර සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසියට පැමිණිළි 30 කට වැඩිය දාලා තියනවා.පොලීසියෙන් කරන්නේ දෙපැත්තම ගෙන්වලා අවවාද කරන එක පමණයි.
මම මේ සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී තුමන්ටත් පැමිණිළි කරලා තියනවා.ඒ මහත්තයත් රස්නායකපුර පොලීසියට දැණුම් දීලා තියනවා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.ඒත් වැඩක් වෙලා නැහැ.
දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට ගෙට පැනලා ගහපු පුද්ගලයෙක් සම්බන්ධයෙන් ඇයි පොලීසිය ක්‍රියාත්මක නොවෙන්නේ කියන එකයි අපිට තියන ගැටළුව.මමත් කැමතියි නිදහසේ ජීවත් වෙන්න.මගේ මහත්තයා වැඩ කරන්නේ මහවැව පැත්තේ.බොහෝ වෙලාවට ගෙදර ඉන්නේ මමයි අම්මයි විතරයි.පුදුම බයකින් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.″
අප මේ සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසියෙන්ද විමසීමක් කළේය.නමුත් ඔවුන් කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැත.1600156003227_1600155989480_051600156001818_02

ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article