Sunday, May 19, 2024

‘ජනතාව මට ඡන්දය දී මට එල්ලවූ චෝදනා පුස්සක් කළා ‘ – සනත් නිශාන්ත

Must read

116435257_10221724089225798_6853038830749855573_n

ඇතැම් අය මට එල්ල කරපු බොරු චෝදනා පුස්සක් බවට පත් කිරීමට ජනතාව කටයුතු කිරීම සතුටට කරුණක් යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත් සනත් නිශාන්ත පෙරේරා මහතා පැවසීය.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත  වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා මෙසේද කියා සිටියේය.
මැතිවරණය වෙලාවේ පක්ෂ වශයෙන් බෙදිලා වැඩ කටයුතු කලාට ඉදිරියේදී ශ්‍රී ලංකික ජාතියක් ලෙස එකට සිට ගෙන වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.පක්ෂ හෝ ජාති බේද පසෙක ලා ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට කැප වන බව කියන්න කැමතියි.

පුත්තලම දිස්ත්‍රික්කයේ අතීත මැතිවරණ ක්‍රියාකාරීත්වය දෙස බැළු විට තිබෙන්නේ කනගාටු දායක තත්ත්වයක්.මැතිවරණයක් අවසන් වූ විට ගෙවල් ගිනි තැබීම්,දත් කැඩීම්,පහර දීම් සිදුවී තිබෙනවා.නමුත් අපි ඒ යුගයට තිත තැබිය යුතුයි.නැවත එවැනි තත්ත්වයක් දිස්ත්‍රික්කය තුළ සිදු නොවන යුගයක් අපි ආරම්භ කළ යුතු වනවා.

පසුගිය දිනවල අපිට අළුත් අත් දැකීමක් ලබන්න හැකියාව ලැබුණා.මැතිවරණ නීති රීති වලට මෙන්ම සෞඛ්‍ය අන පනත් වලටත් යටත්ව තමයි මැතිවරණ ව්‍යාපාරය සිදු කරන්න වුනේ.නමුත් අපි ඒ සියල්ල කලා.ඇතැම් අය මට එරෙහිව විවිධ චෝදනා එල්ල කලා.නමුත් ජනතාව දැන් ඔප්පු කර තිබෙනවා ඒ සියල්ල බොරු කියලා.මම ඉන්නේ ජනතාවගේ පැත්තේ.ඒ නිසා මව ජනතාව අමතක කරන්නේ නෑ.මම ජනතාව අමතක කරන්නෙත් නෑ කියලා කියන්න කැමතියි.කොහොම වුනත් ජනතාව මට ලබා දුන් මනාප ප්‍රතිඵලය බොරු චෝදනා වලට හොද පිළිතුරක් ලෙසයි මා සළකන්නේ.


ජූඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article