Thursday, May 2, 2024

“ ටිකිරි බණ්ඩා ‍ මගේ කටවුට් කැපුවා ! “ ශ‍්‍රීලනිප දිස්ත‍්‍රික් සංවිධායක වයඹ සභාපතිට එරෙහිව පොලිසි යයි.

Must read

polgahawela_catoutsතමා විසින් පොල්ගහවෙල නගර මධ්‍යයේ සවිකර තිබූ ජනාධිපතිතුමාගේ රුව ඇතුලත් ප‍්‍රචාරක පුවරුවක් වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරිගේ මෙහෙයවීමෙන් ඔහුගේ රියදුරු ඇතුලු පුද්ගලයින් දෙදෙනෙකු විසින් කපා දමා ඇති බැවින් එම පුවරුවට සිදු වී ඇති පාඩුව අයකර දෙන්නැයි ඉල්ලා කුරුණෑගල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අනුරාධ හේවගේ මහතා විසින් ටිකිරි බණ්ඩා අධිකාරිට එරෙහිව පොල්ගහවෙල පොලිසියට පැමිණිලි කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායකවරයෙකු ලෙස තමන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලබාගන්නා අයුරු දැක්වෙන දැන්වීම් පුවරු කිහිපයක් පොල්ගහවෙල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි සවිකර තිබූ බවත්, පොල්ගහවෙල බස් නැවතුම්පොල ඉදිරිපිට සවිකර තිබූ ඉන් එක් පුවරුවක් පසුගිය 22 වැනිදා රාත‍්‍රියෙහි ටිකිරි බණ්ඩා අධිකාරිගේ රියදුරු සහ ඔහුගේ තවත් ආධාරකරුවෙකු විසින් කපා විනාශකර ඇති බවද හේවගේ මහතා කියයි. ටිකිරි බණ්ඩා අධිකාරිගේ ආධාරකරුවන් විසින් අදාල දැන්වීම් පුවරුව කපාදමන අයුරු දුටු එදින පොලිස් මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් පිරිසක් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත්, පසුව ටිකිරි බණ්ඩා අධිකාරි පොලිසියට පැමිණ ඔවුන් පොලිස් ඇප මත නිදහස් කරගෙන ගොස් ඇති බවද අනුරාධ හේවගේ මහතා කියයි. අදාල ප‍්‍රචාරක පුවරුවට හානිකිරීමෙන් තමන්ට සිදු වූ රුපියල් විසිදහසක පමණ පාඩුව අයකර දෙන්නැයි ඉල්ලා පොලිසියට කර ඇති පැමිණිල්ල විභාග කිරීම සදහා අවස්ථා දෙකකදී පොලිසියට ගිය නමුත් ටිකිරි බණ්ඩා අධිකාරි විසින් පොලිසියට පැමිණීම මගහරිමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම චෝදනා පිළිබදව වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරිගෙන් කළ විමසීමකදී තම ආධාරකරුවන් දෙදෙනෙකුට එරෙහිව එවැනි පැමිණිල්ලක් පොලිසියට ලැබී ඇති බව පිළිගත්තේය. එමෙන්ම අදාල පැමිණිල්ල කළ පිරිස් විසින් තම නිවස ඉදිරිපිටට පැමිණ කෑ කෝ ගසා ගල්මුල් ගැසීම සම්බන්ධයෙන් තමන්ද පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. polgahawela_catouts_1 polgahawela_catouts_3 polgahawela_catouts_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article