Friday, May 17, 2024

ඩී.බී. හේරත් පළාත් සභාවේ පසුපෙළට ?

Must read

D B herathඇමැති තනතුරු අහිමි වූ නමුත් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරයෙක් ලෙස වාඩි වී ජනතාව විසින් පවරා ඇති වගකීම් මැනවින් ඉටුකිරීමට බලාපොරොත්තු වන බව වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ ක‍්‍රීඩා හිටපු අමාත්‍ය ඩී. බී. හේරත් මහතා කියයි.

හිටපු අමැතිවරයා මේ බව පැවසුවේ පළාත් අමාත්‍යධූරය අහිමිවීමෙන් පසුව ගන්නා ඉදිරි පියවර මොනවාදැයි වයඹ ටුඩේ වෙබ් අඩවිය විසින් ඒ මහතාගෙන් කළ විමසීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඩී.බී. හේරත් මහතා මෙසේද කීය.

” මම පහුගිය කාලේ පුරාම කැපවුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරගන්නයි. ඒකේ ප‍්‍රතිඵලයක් විදිහටද මගේ ඇමැතිකම ඉවත්වුනාද කියලා මම දන්නේ නෑ. කොහොම නමුත් මේක යහපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බිල්ලක් විදිහටයි මම දකින්නේ. විත්ති කූඩුවට නැගපු චූදිතයෙකුට මරණ දඩුවම නියම කරන්න කලිනුත් උසාවියෙන් අහනවා නිදහසට කියන්න කරුණු කාරණා තියෙනවාද කියලා. එහෙම තත්වයක් තුළ මගේ අමාත්‍ය ධූරය මේ විදිහට ඉවත් කරන්න කටයුතු කළේ ඇයි කියලා කවුරු හරි මට දැනුම්දීමක් කළා නම් ඒක දේශපාලන සදාචාරයට ගැලපෙනවා මම විශ්වාස කරනවා. මගේ පක්ෂ නායකත්වය විසින් මේ වගේ තීන්දුවක් මොන හේතුවක් මත අනුමත කළාද කියලා මම අදටත් දන්නේ නෑ. එවැනි තීරණයක් ගන්න හේතු වුණු කරුණු පිළිබදව මාවත් දැනුවත් කරලා මේ තීන්දුව ගත්තා නම් වඩා හොදයි කියලා මම හිතනවා.

පහුගිය ඇමැති මණ්ඩලයේ මාත් එක්ක ඇමැතිකම් කරපු අනික් හැමකෙනෙක්ම මේ අලූත් ඇමැති මණ්ඩලය ඇතුලේ ඉන්නවා. මම විතරයි එතැනින් ඉවත් කරලා තියෙන්නේ. ඒ නිසා මම නොහිතපු වෙලාවක මේ විදහට මගේ අමාත්‍යංශය ඉවත් කළේ ඇයි කියලා අපේ පක්ෂ නායකත්වයෙන් සහ දේශපාලන අධිකාරිය තුලින් ඉදිරි අනාගතේදීවත් දැනගන්න මම කැමැත්තෙන් ඉන්නවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැදි කෙනෙක් විදිහට, විශේෂයෙන්ම මහජනතාවගේ බහුතර ඡන්දෙන් තුන්වැනි තැනට මනාප ලබාගැනීම නිසා මට ලැබුණු තනතුර මේ විදිහට ඉවත්කිරීම පිළිබදව මට බරපතල ප‍්‍රශ්නාර්ථයක් තියෙනවා. කොයිහැටි වෙතත් මම මේ ගැන කණගාටු වෙන්නේ නැහැ. මොකද මේ ඇමැතිකම් කියන එව්වා ආභරණ වගෙයි. මොකද අපි පාවිච්චි කරන ආභරණත් ඕනෑම වෙලාවක ගලවලා දාන්න හරි, වෙන කෙනෙකුට දෙන්න හරි වෙයිද කියලා කියන්න බැරි නිසා අපි ඒකට සූදානමින් ඉන්න ඕනෑ. ඇමැතිකම නැතිවුණාට වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරයෙක් විදිහට වාඩිවෙලා ජනතාව විසින් මා වෙත පවරපු වගකීම මැනවින් ඉටුකරන්න මම බලාපොරොත්තු වෙනවා. ” යැයි හෙතෙම පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article