Thursday, May 2, 2024

වයඹ නව මහ ඇමැති මහනාහිමිවරුන් බැහැදකී.

Must read

වයඹ නව ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ඊයේ (16 දා ) අස්ගිරි මල්වතු නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

ඊයේ උදෑසන මහනුවර ශ‍්‍රී දළදා මාළිගාව වෙත ගිය ධර්මසිරි දසනායක මහතා දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගිය ධර්මසිරි දසනායක මහතා එහිදී මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය. ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය වයඹ නව ප‍්‍රධාන අමාත්‍ය එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්ථදස්සි නාහිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

cmkandy1 cmkandy2 cmkandy3 cmkandy4 cmkandy5 cmkandy6 cmkandy7

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article