Sunday, May 19, 2024

දකුණු ආසියානු 16 න් පහළ දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට

Must read

WhatsApp-Image-2019-10-23-at-9.43.08-AM-696x522  පසුගිය 22 වනදා නිමාවට පත්වූ කත්මන්ඩු හී පැවැත්වූ  පළමු දකුණු ආසියානු වයස 16 න් පහළ දැල්පන්දු අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 42-28 කට පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.ආසියානු දැල්පන්දු සම්මේලනය පළමු වරට සංවිධානය කළ මෙම තරගාවලිය සදහා කලාපයේ රටවල් පහක් සහභාගී විය.

දැල්පන්දු ක්‍රීඩාවේ ප්‍රකට දක්ෂතා නැති ඉන්දියාව අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට තියුණු සටනක් දෙනු ලැබුවේය.ආසියානු ශූරතා කිහිපයක්ම දිනා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු කලාපයේ දැල්පන්දු ශූරයා වේ.ප්‍රථම වටය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම ලකුණු 8-8 ක් ලෙස සම ලකුණු තත්වයකින් අවසන් කරන්නට සමත් විය.ලකුණු 16-4,11-8, සහ 8-7 ක් ලෙස සෙසු වට ත්‍රිත්වයේදී ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශූරතාව තහවුරු කර ගත්හ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article