Saturday, May 18, 2024

දොඩම්ගස්ලන්ද රිදීගම ජනතාවගේ ප්‍රවාහන ගැටළුවට තවමත් විසඳුමක් නෑ

Must read

පාලමක්
ප්‍රෙද්ශවාසීන් දැනට භාවිතා කරන මාර්ගය

කුරුණෑගල දොඩම්ගස්ලන්ද ආසනයේ  රිදිගම ප්‍රදේශයේ ලේකම් කොට්ඨාශයට  අයත් ගල්ලව රත්වත්තේ මාර්ගය ට පාලමක් ලබා දෙන ලෙස එම ප්‍රෙද්ශයේ ජනතාව දීර්ඝ කාලයක් පුරා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.  මෙම ගැටලුව වගකිවයුතු බලධාරීන්ට හා  දේශපාලකයින්ගේ අවධානයට යොමුකර ඇති අතර මාධ්‍ය මගින්ද ප්‍රචාරය කර තිබේ.   වර්ෂා කාලයට ජීවිත අවදානමක් ගෙන  මෙම ඇල මාර්ගයෙන් එගොඩ වන බවත් ඒ හේතුවෙන් පාසල් දරුවන් ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල්වී ඇති බවත් ඔවුන් පවසති.  2020 වර්ෂයේදී ජනාධිපතිවරයාගේ අවධානයට  ගල්ලව රත්වත්තේ මාර්ගයක් ලබාගැනීමේ ප්‍රශ්නය යොමුකර ඇත.  රටේ සංවර්ධනය යනු මහජනතාවට අවශ්‍ය විටෙක් අවශ්‍ය ස්ථානයට නිසි පහසුකමක් ලබාදීම වන බවත්  ජනතාවට අවශ්‍ය  නැති   බිල්ඩින් ,මාර්ග වෙනුවෙන් මේ රටේ ඕනෑතරම් මිළමුදල් වැයකරන බවට ජනතාව චෝදනා කරති.

කැඑඑැර1කැඑඑැර2

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article