Saturday, May 18, 2024

” නිවට ප‍්‍රතිචාරයක් ! ” ලෙඩ්ඩු බලන්න කුරුණෑගල ආ මහින්ද කියයි.

Must read

ඊයේ අඵයම එල්ල වූ මැර ප‍්‍රහාරයකින් තුවාල ලැබූ කුරුණෑගල හෝටල් හිමිකරුගේ සුවදුක් විමසා බැලීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණියේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි හදිසි අනතුරු ඒකකය වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතා එහි නේවාසිකව ප‍්‍රතිකාර ලබන ව්‍යාපාරික ජනක දේශප‍්‍රිය මහතාගේ සුව දුක් විමසා බැලීය.

ජනක දේශප‍්‍රිය මහතාගේ සුව දුක් විමසා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමක් කළ මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ පැවසීය.

” මම මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා. මේක නිවට සිද්ධියක්. නිවට ප‍්‍රතිචාරයක්. මේ දිස්ත‍්‍රික්කය පරාජයට පත්වෙලා, ඒකෙන් වියරු වැටුණු පිරිසක් විසින් කරන ලද නිවට වැඩක්. මේක ගැන වහාම පොලිසිය පරීක්ෂණ කරලා, ඒ සියඵ දෙනාම අත්අඩංගුවට අරගන්න කටයුතු කරන්න ඕනෑ. දේශපාලන බලපෑම්වලට යට නොවී පොලිසිය වැඩකරන්න ඕනෑ. ”

මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස තේරීපත්වී සිටින සාලින්ද දිසානායක සහ ප‍්‍රසන්න රණතුංග යන මහත්වරුන්ද අද දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණ ජනක දේශප‍්‍රිය මහතාගේ සුව දුක් විමසා බැලූහ.

මෙම මැර ප‍්‍රහාරයට සම්බන්ධ බව කියන පුද්ගලයින් හත්දෙනෙකු සහ ඔවුන් පැමිණි ලොරි රථයක්ද පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

8/22/2015 12:21 AM 8/22/2015 2:52 AM 8/22/2015 2:50 AM 8/22/2015 2:50 AM 8/22/2015 2:49 AM

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article