Sunday, May 5, 2024

”සාලින්දලා, මහින්දලා නැති ගැටුම් මවනවා. කුරුණෑගල පහරදීමට දේශපාලන සම්බන්ධයක් නෑ.” ජගත් යාපා කට අරී !

Must read

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට පිහිටි හෝටලයකට කඩාවැදී එහි හිමිකරුට සහ සේවකයින්ට පහර දී හෝටලයටද අලාභහානි කළ බව කියන සිද්ධිය තමන්ගේ කිසිදු අනුදැනුමකින් හෝ අනුබලදීමකින් සිදු වූ දෙයක් නොවන බවත් , එම ප්‍රහාරය දේශපාලන පළිගැනීමක් නොවන බවත් හිරියාල එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක ජගත් මංජුල යාපා මහතා කියයි.

ඒ මහතා මේ බව පැවසුවේ අදාළ ප‍්‍රහාරයට ජගත් යාපා මහතාගේ සම්බන්ධයක් ඇති බවට විවිධ පාර්ශ්වයන් විසින් න`ගන චෝදනාවල සත්‍යතාවයක් තිබේදැයි ‘වයඹ ටුඩේ’ වෙබ් අඩවිය විසින් ඒ මහතාගෙන් කළ විමසීමකදීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා ප‍්‍රකාශ කළේ අදාළ ගැටුම ඇති වී ඇත්තේ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මිස දේශපාලන පළිගැනීමක මුහුණුවරකින් නොවන බවද පැවසීය. පසුගිය මැතිවරණයේදී තමාට සහය දැක් වූ ආධාරකරුවන් පිරිසක් සිගරට්ටුවක් මිලදීගැනීම සදහා මෙම හෝටලයට ගොස් ඇති බවත්, එහිදී හෝටල් හිමිකරු සමග ඇති කර ගත් බහින්බස්වීමක් දුර දිග යාම නිසා මෙවැනි ගැටුමක් නිරිමාණය වී ඇති බවද කීය.

අදාළ පිරිස තමන්ගේ ආධාරකරුවන් බවත්, ඔවුන් පැමිණි වාහනය තම ව්‍යාපාරය නමට ලියාපදිංචි කර ඇති බව අවිවාදයෙන්ම පිළිගන්නා බවත් කී ජගත් යාපා මහතා එවැනි ප‍්‍රහාරයක් සිදු වූ බව තමා විසින් දැනගන්තේ පහරකෑමට ලක් වූ ව්‍යාපාරිකයාගේ සහෝදරයෙකු විසින් ඊට විනාඩි කිහිපයකට පසුව තමා වෙත ලබා දුන් දුරකථන ඇමැතුමකින් බවද කීය.

මොනම තත්වයක් යටතේවත් මෙම පහරදීම තමන් විසින් අනුමත නොකරන බවත්, අදාළ සිද්ධිය සැළ වූ සැණින් සිද්ධියට සම්බන්ධ තම ආධාරකරුවන් මෙන්ම අදාළ වාහනයද පොලිසිය වෙත භාරදීමට මුල්වූයේ තමන් බවද ජගත් යාපා මහතා වැඩිදුරටත් කීය.

කෙසේ වෙතත් සාලින්ද දිසානායක සහ මහින්ද රාජපක්ෂ වැනි බංකොළොත් දේශපාලනඥයින් කිහිපදෙනෙකු එකතු වී මෙය දේශපාලන පළිගැනීමක් ලෙස හුවා දක්වමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බවත්, නැති ගැටුම් නිර්මාණය කරමින් බොරදියේ මාඵ බාන්නට හදන සාලින්දලාගේ සහ මහින්දලාගේ උත්සාහය තරයේ හෙළාදකින බවද යාපා මහතා වැඩිදුරටත් කීය.

පහරකෑමට ලක් වූ අය වෙත මෙන්ම දේශප‍්‍රිය පවුලේ සියඵදෙනා වෙතද තමන් විසින් අවංකවම කණගාටුව පළකරන බවද ජගත් මංජුල යාපා මහතා අවසන් වශයෙන් පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article