Friday, May 17, 2024

නීරෝධායන නීති උල්ලංඝනය කර පුද්ගලයින් සෙවීම සඳහා ඩ්‍රෝනා යානා යොදා ගනියි

Must read

03 (1)

නීරෝධායන නීති උල්ලංඝනය කර පුද්ගලයින් සෙවීම සදහා ඩ්‍රෝනා යානා යොදා ගැනීමට යුධ හමුදාව සහ පොලීසිය කටයුතු ආරම්භ කර ඇත.ඒ අනුව 06 වැනිදා පෙරවරුවේ බිංගිරිය ප්‍රදේශයේ මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන ලදි.යුධ හමුදා කාල තුවක්කු බලකාය විසින් ඩ්‍රෝනා යානා යොදා ගෙන නීරෝධායන නීති උල්ලංගනය කරන පුද්ගලයින් සොයා බැලීම සිදු කරන ලදි. නීරෝධායන නීති උල්ලංගනය කරමින් විවිධ ස්ථාන වල රැස්වී සිටින පිරිස් විසුරුවා හැරීම සදහා යුධ හමුදා සහ පොලිස් යතුරු පැදි කණ්ඩායම් යොදවා ඇති ආකාරයක්ද දක්නට ලැබුණි.

බිංගිරිය නගරයේ සිට කිලෝ මීටර් 07 ක් දුර ප්‍රමාණයට ඩ්‍රෝනා යානා යවා විමර්ශණ කටයුතු මෙහිදී සිදු කරන ලදි. මේ අතර,මුව ආවරණ නොපැළද මහ මග ගමන් කරන පිරිස් අත්අඩංගුවට ගැනීම් සහ ඔවුන් අවවාද කිරීම්ද බිංගිරිය පොලීසිය විසින් සිදු කරන ලදි.01 (2)02 (3)

 

ඡායාරූප – ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article