Sunday, May 19, 2024

උසස් පෙළ වාණිජ අංශයේ පුත්තලමෙන් පළමුවැන්නා ‘ ෂෙරෝන් ‘

Must read

neroda 1 (1)
2020 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පරික්ෂණ ප්‍රතිඵල අනුව වාණිජ විෂය ධාරාවෙන් පුත්තලම දිසාවේ පළමුවැන්නා වීමට මාරාවිල සාන්ත ෂේවියර් මහා විදුහලේ මෙත්තසිංහ ආරච්චිලාගේ ශෙරෝන් නිරෝධ ප්‍රනාන්දු ( 20 ) සිසුවා සමත්වි ඇත. මාරාවිල මාවිල පදිංචි පදිංචි රියැදුරෙකු වශයෙන් සේවය කරණු ලබන එම්.ඒ.සමන් එමිල් රෝයි ප්‍රනාන්දු මහතාගේ හා එච්.ඒ.සමන්ති දේවිකා මහත්මිය ගේ දෙවෙනි දරුවා වශයෙන් උපත ලද නිරෝධ සිසුවා ට සොයුරියක්ද සිටියි. පළමුවන වසරේ සිට මාරාවිල ෂේවියර් මහ විදුහලට ඇතුළු වි අධ්‍යාපනය ලද නිරෝධ සිසුවාට පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්විය නොහැකි වු නමුත් ඔහු සාමාන්‍ය පෙළ විභාගය ජයගෙන උසස් පෙළට දිරිමත්ව කැපවි සිය අධ්‍යයන කටයුතු වල නිරතවිය. ගණකාධිකරණය ආර්ථික විද්‍යාව තොරතුරු තාක්ෂණ විෂයන්ගෙන් ඒ සාර්ථ ලද නිරෝධ සිසුවා පුත්තලම දිසාවේ පළමු වැන්නා වු අතර දිවයිනේ 72 වැන්නා වි සිය පාසලට ගෞරවයක් අත් කර දි ඇත. විදුහල්පති ගරු පියල් ජයතිලක පියතුමා ඇතුළු තමන්ට පළමු වසරේ සිටි අකුරු කරවු ගරු දෙවිවරුන්ටත් උසස් පෙළ අධ්‍යාපනය ලැබීමේ දි දිරිමත්ව දැනුම ලබා දුන් ගරු ආචාර්ය වරුන්ටද තමන් අමතර දැනු ම පබා ගත් පෞද්ගලික අමතර දැනුමක් ලබා දුන් ගුරුවරුන්ව ද මේ අවස්ථාවේ දි සිහිපත් කළ නිරෝධ දරුවා තම දෙමාපිය සිහිනය ඉටු කළ හැකි විම සම්බන්ධයෙන් සතුටට පත්ව සිටින බවත් අනාගතයේ දි තොරතුරු තාක්ෂණ දැනුමෙන් උපරීම වාසියක් ලබා ගැනීම තම සිහිනය බවත් පවසයි.

ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article