Tuesday, May 7, 2024

සොදුරු අඥාදායකයකයෝ  හා අමනෝඥ පාලකයා

Must read

mahathir-mohomad1

විව්ස් ගන්න සිල්ලර හෙඩින් දාන කාලෙක මේ වගේ හෙඩිමක් දැම්මාම බය හිතෙනවා නේද? සමහරු හැරිලා යන්න ඇති. සිල්ලර සතුට හොයන ඒවගේ අයට නෙමේ, හරයක් හොයන මේක දැන් කියවන ඔයාලා වගේ අයට තමයි මේ හෙඩිම දැම්මේ.

ලගදී දවසක විමල් කියනවා ඇහුනා ලී කුවාන් යු වගේ ගොඨභයයි, මොහොතිර් මොහොමඩ් වගේ මහින්දයි අපිට ඉන්නවා කියලා (ෆේස් බුක් විඩියෝ එක බලන්න). විඩියෝ එක බැලුවා නම් තව දේවල් බලන්න ඔනා නෑ. නමුත් ඒ සැසදීම ගැන පුංචි පසුබිම් කථනයක් කරන්න හිතුනා. සීගිරියවත් නොදැකපු විමල් ලෝක නායකයෝ ගැන කථා කරන එක කොතරම් සදාචාරත්මකද ? වලංගුද? කියලා අපිට හිතෙනවා. හැබැයි විමල්ගේ මොළයේ පළල ඉතිං ඒ ප්‍රමාණය තමයි. අපි විමල් කියන එක හොදට විශ්ලේෂණය කරලා බලමු.

සොදුරු අඥාදායකයෝ ඉන්න පුළුවන්ද ? 

අඥාදායකයෝ කියන්නේ ප්‍රජාතන්‍රත්‍රවාදීව පත් වෙලා නමුත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට තියලා කටයුතු කරන පාලකයන්ටයි.  ඒ අය බොහෝ විට හිතුවක්කාර ලෙස රජ්‍ය පාලනය ගෙන යනවා. එවැනි අය තුළ සොදුරු බවක් තිබිය හැකිද? මොහොතිර් මොහොමඩ් හා ලී කුවාන් දෙදෙනාම ප්‍රජාතන්ත්‍රවාදය අතික්‍රමණය කළ පාලකයන් වුනා. ඒ නිසාම අවුරුදු 40ක් වගේ රට පාලනය කරා.  නමුත් ඒ දෙදෙනාම රටේ මිනිසුන්ට යහපත් රටක් හදලා දුන්නා. මේ දෙදෙනාම ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයට (මැලේසියානු විපක්ෂ නායකයාව හිර අඩස්සියේ වසර ගණනාවක් තැබීම)  ඇතැම් අවස්ථා වල කටයුතු කළත් රට දියුණු වන ප්‍රතිපත්ති සකස් කළා. ඒ වසර ගණනාව තුල ක්‍රියාත්මක වු ප්‍රතිපත්ති නිසා අදටත් මැලේසියාව සිංගපුරුව දියුණු තත්වයේ තිබෙනවා. මේ රටවල් දෙකේම කථා කිරීමේ නිදහස යම් දුරකට සීමා කර තිබුනත්, ජනතාවට ගැටලුවක් නොමැතිව ජිවත් වීමට රට දියුණු කර තිබෙනවා.  ඒ අනුව අඥාදායකයෝ වුනත් ඔවුන් ව සොදුරු ලෙස හැදින්විය හැක්කේ තම රටවල සමාජීය, ආර්ථික හා කාර්මික දියුණුව වෙත ලබා දී තිබෙන මහගු හා අසමසම සේවය සැලකිල්ලට ගැනීමෙනි.

විමල් ගෙනියනවා වගේ අපේ දෙන්නාව එතැන තියන්න පුළුවන්ද? මහින්ද මොහොතීර්ද? මහින්ද මේ රටට කලේ යුද්ධය දිනවීමයි. නමුත් එයට ඔහු නායකත්වය දුන්නාද නැත්නම් පෙරහැරේ ගියාද කියා වාදයක් තිබෙනවා. ඇත්තටම යුද්ධය නිමා කලේ හමුදා නායකත්වය විසින්ද? එය අපි වෙනම ලිපියකින් කථා කරමු. අපි අදට මහින්ද යුද්ධය නිමා කරා කියා සලකමු. නමුත් මහින්දට හෝ ඔහුගේ පවුලේ අය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන්නේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති සහ අධික දුෂනයට ඉඩ දීම නිසයි. මෙයට වෙනස්ව මොහොතීර් මොහොමඩ්ව හදුන්වනු ලබන්නේ නවීකරණයේ පියා හැටියටයි. ඉතා දුෂ්කර කෘෂී ආර්ථිකයක්ව තිබු මැලේසියව නවීන කාර්මික හා තාක්ෂණීක ආර්ථිකයක් ලෙසට නිර්මානය කරනු ලැබුවේ මෙතුමා විසිනි. ආර්ථිකය දියුණු කිරීමට කිසිදු නායකයෙකුට නොලැබු අවස්ථාවක් ලද මහින්ද කලේ දුෂණය නැමැති කළු වාළා වලින් එය වසා දැමීමයි. මැලේසියානු ආඥාදායකයා ප්‍රයෝගික ප්‍රතිපත්ති මගින් රට පාලනය කරන විට මහින්ද කලේ තම බත් බැලයන් හා නෑදැයන් යොදාගෙන රට සුරා කෑමයි. ඒ අනුව සොදුරු අඥාදායකයෙක්ට වඩා මහින්දට ගැලපෙන්නේ අමනෝඥ පාලකයා යන්නයි.

            ලී කුවාන් කළ හරිය ගොඨාභයට පුළුවන්ද?
වගුරු බිමක්ව පැවති සිංගප්පුරුව, ඇමරිකාව සමාන තත්වයකට ගෙන ආවේ ලී කුවාන් යු නැමැති ඒ ශ්‍රේෂ්ඨ නායකයා විසිනි. ඔහු සොදුරු අඥාදායකයෙන් වුනා සේම විදේශ රටවල් සමග දැඩි ප්‍රතිපත්තියක් අනුගමන කළ නායකයෙන් වුනා. චීනයටවත්, ඇමරිකාවටවත් යුරෝපයටවත් දෙකට නැමුනේ නෑ. ගොඨාභය පැමිණි දින සිට කරනු ලැබුවේ නැවීමයි. වරාය ජැටිය ප්‍රශ්නයේදී ඉනිදියාවට නැමුනු ගොඨා දැන් චීනයටත් නැමීමට පටන් ගෙන තිබේ. මෙම නැවිලි හරහා අප රටට කිසිම ආකාරයකින් ප්‍රයෝජනයක් ලැබී නෑ. රජත්‍රන්තික වශයෙන් දුර්වලම තැනට ලංකාව ගොඨභය ගෙනැවිත් තිබෙනවා. මෙය මානව හිමිකම් කවුන්සලයේදී පැහැදිලිව අපට පෙනුනා. දේශපාලකයෙක්ට වැදගත් වන හොදම චරිත ලක්ෂණයක් වන ප්‍රතිපත්ති තැනීම හා ක්‍රියාත්මක කිරීම ඉහලින්ම සිදු කළ නායකයෙක් ලෙස ලී කුවාන් යු ප්‍රසිද්ධයි. ගොඨාභයගේ ප්‍රතිපත්ති කෙසේද?  ලත් තැනම ලොප් කියා කීම100%ක් නිවැරදියි. ගොඨා ආස ප්‍රතිපත්ති වලට නොවන බව ඔහුම පැවසුවා. ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ඔහුම පැවසුවේ මොකටද ගැසට් මගේ කට වචනය තමයි ගැසට් එක කියලා. එයින්ම අපිට පැහැදිලි වෙනවා ගොඨභයගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. එපමණක් නොව, පටන් ගත්ත තැන සිටම අපැහැදිලි ප්‍රතිපත්ති නිසා ජනතාවව ඔහු විසන් පීඩනයට පත් කළා.

එක දවසෙන් කහ ගෙන ඒම නතර කළ අතර වෙළඳපොලේ කහ හිගයක් ඇති වීමට හා කහ මිල අධික ලෙස වැඩී වීම සිදුවුනා. මාස 6ක් වැනි කාලයකදී අස්වැන්න ලබා ගත හැකි නිසා මෙය මීට වඩා නිවැරදිව හා ජනතාව මත බරක් පැටවෙන්නේ නැති ආකාරයෙන් කළ හැකිව තිබුනා. සැලසුම් සහගතව ආනයිනික කහ නවතා දමන්න හැකිකම තිබුනා. ඉතිං මෙවාට කුමක් කියන්නද? අමනොඥ කියනවා හැරෙන්නට. මෙම ලිස්ට් එකට දැන් පම් තෙල්, රසායනික පොහොර හාල් සීනී හා වාහනද  ඇතුලත්ව ඇත. ඒ හැම අවස්ථාවකම ජනපතිගේ ප්‍රතිපත්තියක් නොමැති කමින් ජනතාව පීඩනයට පත් වුනා. ඒ වගේම ඩොලරය වෙන කිසිම දිනක වාර්ථා නොකල ඉහලම අගය වාර්ථා කලා.

සොදුරු අඥාදායකයෙක් බලාපොරොත්තු වු අපට ලැබුනේ අමනෝඥ පාලකයෙක් නොවේද? (අමනෝඥ කියන එක සාමාන්‍ය ව්‍යාවාහරයේ ගොන් වැඩ කරන ලෙසත් අර්ථ දැක්විය හැක) මෙය මධ්‍යම පංතික ඔබට පාඩමක් ලබන පාර පත් කරගන්න විට, ප්‍රදේශීය සභා වේවා, පලාත් සභා වේවා පර්ලිමේනතුව වේවා ඔබ පත් කර ගත යුතුව ඇත්තේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන නිවැරදි දර්ශනයක් ඇති අයෙකි.


ක්‍රිස්ටියන් ග්‍රේ 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article