Friday, May 17, 2024

ධීවරයින් නිසා ඉන්දියාවේ වෛරසය ශ්‍රී ලංකාවට බෝ විය හැකියි

Must read

 6

ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප‍්‍රභේදය  ශ්‍රී ලංකාවේද පැතිරීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා තිබේ. තවද මෙරට තුළ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඞ් ප‍්‍රභේදය ද දිවයින පුරා ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද වෛද්‍ය සමරවීර මහතා සඳහන් කරයි. ගැඹුරු මුහුදේදී  මෙරට ධීවරයින් ඉන්දියන් ධීවරයින් සමග සිදුකරන යම් යම් වෙළදාම් මගින් මෙම  වෛරසය බෝවීමේ අවධානමක් ඇති බවත් ඒ මහතා අවධාරණ්‍ය කර තිබේ. මේ වනවිට ධීවර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරිනියෙකු විසින් පසුගියදා මේ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් උතුරේ  ධීවරයින් වෙත කර තිබුණ අතර, ඔවුන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද කර තිබුණේ මුහුදේදී සිදුකරන වෙළදාම, මුදල් ගනුදෙනු ,භාන්ඩ හුවමාරුව නවත්වන ලෙසයි. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article