Tuesday, May 7, 2024

පොල් තෙල් මිලත් ඔබේ හිසට

Must read

Coconut_Oil_550_Thumbimage_200x200අපි තෙල් මිල ඉහල යනවා කියපුවම ඉස්සර හිතුවේ පෙට්රල්, ඩිසල් ගැන විතරයි. දැන් අපි කන පොල් තෙල් ගැනත් හිතන්න වෙලා. අද වන විට පොල් තෙල් කිලෝ එකක් රු 700ක් මට්ටමට ඇවිල්ලා. එහෙම නැත්නම් පොල් තෙල් බෝතලයක තොග මිල රු 488.00 (අද 2021 මැයි 04) වෙලා. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව වන ඔබට තෙල් කන්න වෙන්නේ බෝතලයක් රුපියල් 520කට විතර. මෙම ඉල්ලුම මේ ආකාරයට පැවැතියොත් පොල් හිඟ කාලයට රු 800 දක්වා මිල ඉහල යාම කිසි කෙනෙක්ට නැවැත්විය නොහැකියි. ඇත්තටම මෙම තෙල් ඉහල යාමේ ගැටලුව ඇති වුනාද? ඇති කරනු ලබුවාද? අපට පැහැදිලිව පෙනී යන්නේ මෙම ගැටලුව අදුරදර්ශී පාලනයක කර්කශක ප්‍රතිඵලයක් බවයි.
සිද්ධ වුනේ මොකක්ද?
රට තුලට ඇෆ්ලටොක්සින් සහිත පොල් තෙල් ගෙන්වනු ලැබු අතර එය මාධ්‍ය මගින් රජය අපහසුතාවයට පත්වන මට්ටමටම ජනතාව ඉදිරියට ගෙන ගිය අතර පාම් ඔයිල් ගෙන්වන අයද මෙය ඉදිරියට ගෙන ගියා. මේ තත්වය උඩ රජයට සෑහෙන්න රිදුනා. තම ඡන්ද පදනමට මෙය මරු පහරක් බව වටහාගත් රජයට අවශ්‍ය වුනේ ප්‍රශ්නය විසදීම වෙනුවට මෙයට විරුද්ධ වු මාධ්‍ය, ජනතාව සහ පාම් තෙල් ආනයන කරුවන් රිද්ද වීමයි. ඇත්තටම අෆ්ලටොක්සින් සහිත පොල් තෙල් තහනම් කළ යුතු වුනත් රජයේ කැකිල්ලේ තීන්දුව වුයේ පාම් ඔයිල් තහනම් කිරීමයි.
පාම් ඔයිල් වහද?
මම පිළිතුරු නොදී මම කැමතියි ඔබව හාර්වර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ ලිපියකට යොමු කරන්න (ලිපිය බලන්න) එම ලිපිය ආරම්භ වන්නේම ඇත්තටම පාම් ඔයිල් හොදද? කියන ප්‍රශ්නය යොමු කරලා. එයට අනුව ඔවුන් කියන්නේ අනෙක් බොහෝ තෙල් වර්ග වලට වඩා පාම් ඔයිල් හොද බව හා පොල් තෙල් වලටත් වඩා ඉහල අගයක් පාම් ඔයිල් වලට ලැබෙන බවයි. ලිපිය අවසානයේදී ඔලිව් ඔයිල් සහ කැනෝලා ඔයිල් ඉතාම හොද බව සඳහන් කරනවා. පෙනී යන පරිදි මෙම බිය වැද්දීමද තවත් අප රැවටීමේ ගේමක් බව පැහැදිලියි. මෙවැනිම ගේමක් දොස්තරලා එකතු කරගෙන් අපට දෙන්න හැදු බව අප ජනතාවට මතක ඇති. එය නම් සුවසැරිය ගෙන ඒමට පසුගිය රජය සැලසුම් කල අවස්ථාවයි. නැබිලියේ කිඹුලන් මැවු දොස්තරලා පාම් ඔයිල් වලටත් වැඩේ දුන්නාද?
පාම් ඔයිල් තහනම එන්නේ කා පිටද?
පාම් ඔයිල්, පොල් තෙල් වලට වඩා ඝනත්වයෙන් අඩු බැදීම පහසු තෙල් වර්ගයක් වන නිසා බොහෝ හෝටල්, චයිනීස් රෙස්ටුරන්ට හා කෑම නිෂ්පාදකයන් මෙම තෙල් භාවිතා කරන ලදී. නමුත් පාම් ඔයිල් තහනමත් සමඟ මෙම සියලුදෙනාම පොල් තෙල් වෙතට යොමු වු අතර මාධ්‍ය මුලාව හමුවේ අනිත් ජනයාද වැඩියෙන් පොල් තෙල් වෙත යොමු විය. සරල අර්ථික විද්‍යාවට අනුව ඉල්ලුම වැඩි වන විට ආදාල භාණ්ඩයේ මිල ඉහල යාම සිදුවේ. පොල් තෙල් වලට සිදු වී තිබෙන්නේද එයයි. එම වැඩි වීමත් වැටෙන්නේ අපි පිටයි. එම වන්දියත් ගෙවන්න සිදු වන්නේ මුඩුක්කුවේ, වඩේ බඳින තැන සිට මධ්‍යම පන්තික ඔබටයි. ඇත්තටම රජයක් විසින් කළ හැකි අමනම ක්‍රියාව වන්නේ ජනතාවගේ බත් පතට පහර දීමයි.

කල යුතුව තිබුනේ කුමක් ද?
1. පාම් ඔයිල් තහනම් කිරීමට තරම් එය විස බවට සාක්ෂි තිබෙනවාද? ඒසේ තිබෙනවා නම් පමණක් එය තහනම් කළ යුතුව තිබුනි. නැත්නම් වණිජ භාවිතයට ඉඩ ලබා දිය යුතුව තබුනි.
2. පාම් ඔයිල් තහනම් කරනවා වෙනුවට නුසුදුසු පොල් තෙල් තහනම් කළ යුතුව ඇත. පොල් තෙල් නිෂ්පාදන කරන රටක් ලෙස ආනයනික පොල් තෙල් තහනම් කිරීම අත්‍යවශය කාරණයකි.
3. එකවර පාම් ඔයිල් තහනම් නොකර, ඉදිරි දිනයක් ලබා දී එය තහනම් කරා නම් මෙතරම් සිඝ්‍රයෙන් මිල ඉහල යාමක් සිදු වන්නේ නැත.
රටක් පාලනයට අවශ්‍ය වන්නේ හිතුවක්කාර චන්ඩියෙක් නොව, ඉදිරි දැක්මක් ඇති ප්‍රතිපත්ති නිර්මාතෘ කෙනෙකි. ගෙයින් ගෙට ගොස් ප්‍රශ්න තියෙනවාද කියා අසන යාචකයෙක් නොව කොළඹ සිට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළ යහපත් පාලනයක් ගෙන යන බුද්ධිමතෙකි. ලබන ඡන්දයේදී එය ඔලුවේ කොටා ගන්න.


                                                                                                                   ක්‍රිස්ටියන්  ග්‍රේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article