Friday, May 17, 2024

පොල්තෙල් වලට වැඩි ඉල්ලුමක් , බෝතලයක මිළ 500 දක්වා ඉහළට

Must read

punya_-chandanie_recepies_May-005-575x431
ඊයේ (2) වනදා වනවිට පොල්තෙල් බෝතලයක මිළ රු 500 දක්වා  මිළ ඉහළ ගොස් තිබේ.
එමෙන්ම පාරිභෝජනයට සුදුසු පිරිසිඳු පොල්තෙල් වල හිඟයක් ද ඇතිවී ඇති බව පෙනී යයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ පොල්තෙල් නිෂ්පාදනය කරන ව්‍යාපාරික අළෙවිසැල් වල  පසුගිය මාසය තුළ
රු 420 සිට 500/ 540 දක්වා මිළ පරාසයකට පොල්තෙල් මිළ වර්ධනයවීමක් දක්නට ලැබිණි. කලවම් පොල්තෙල් වල පිලිකා කාරක සහිතවීම (ඇෆ්ලටොක්සින්)  සම්බන්ධයෙන් සිදුවු හෙළිදරව්වෙන් පසු රටේ බහුතරයක් දෙනා පිරිසිඳු පොල්තෙල් භාවිතයට ගැනීමට පටන් ගත් අතර ඒ නිසාම පිරිසිඳු පොල්තෙල් වලට ඉල්ලුම වැඩිවිය. මේ අතර පාම් තෙල් ගෙන්විම රජය විසින් නතර කිරීමද මෙම පොල්තෙල් මිළ ඉහළයාමට සෘජුවම බලපෑවේය.
සියයට 80ක් පමණ පාම් ඔයිල් භාවිතා  කළ පාරිභෝගික පිරිසක්ද රටේ සිටිති. උදාහරණයක් ලෙස විශේෂයෙන් හෝටල් වැනි ආහාර නිශ්පාදන කරන ස්ථාන වල බැදුම් වැනි ආහාර වලට විශාල වශයෙන් පාම් තෙල්  / එළවලු තෙල් පාවිච්චි කරන  පිරිසක්  සිටින අතර එක්වරම පාම් තෙල් ගෙන්වීම නැවැත්වීමත් සමග ඒබදු පිරිස්වලටද  විකල්පයක් ලෙස පොල්තෙල් පාරිභෝජනය කිරීමට සිදුවිය. මේ තත්ත්වයන් නිසා රටේ පොල්තෙල් වලට ඇති ඉල්ලුම වැඩිවූ අතර ඒ තරමට සැපයුමක් දීගත නොහැකිවී තිබෙන බව පොල්තෙල් නිෂ්පාදකයින් පවසති.
කෙසේ වෙතත් පාරිභෝගික ජනතාවට මෙම මිළට පොල්තෙල් ගන්නට සිදුවී තිබීම අසාධාරණ බව ජනතාව පවසති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article