Thursday, May 2, 2024

පරිසර හානි ගැන දැනුම්දීම සඳහා පොලීසියෙන් කෙටි දුරකතන අංක දෙකක්

Must read

පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදු කිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරතුරු ඉතා වැදගත් වන බැවින් පාරිසරික හානි සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යාංශයේ 1997 දරන හදිසි ඇමතුම් අංකයට හා මධ්‍යම පරිසර අධිකාරියේ 1981 හදිසි ඇමතුම් අංකය වෙත තොරතුරු ලබා දෙන මෙන් පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා සිදු කරනු ලබන කැණීම්, ගං ඉවුරු ආශ්‍රිතව සිදු කරන නීති විරෝධී කැණීම් , කර්මාන්තශාලා මගින් අනීතිකව සිදු කරනු ලබන පාරිසරික හානි හා ශබ්ද දූෂණය මගින් වන සතුන්ට සහ පරිසරයට සිදු කරන බලපෑම් ආදි නොයෙකුත් පාරිසරික හානි සම්බන්ධයෙන් දැනටමත් මෙම අංකවලට මහජනතාවගෙන් තොරතුරු ලැබෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් නිසි වැටලීම් සිදු කිරීම සඳහා ඉදිරියටත් මහජනතාවගේ සහාය අපේක්ෂා කරන බව ද එම මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article