Friday, May 17, 2024

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත තමන්ගේ ප්‍රදේශ වලදී ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක්

Must read

52952858_101

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට කොව්ඩ් එන්නත ඔවුන් පදිංචි දිස්ත්‍රික්ක වලදී ලබා දීමට කටයුතු කරන ලෙස  ඉල්ලීමක් රට වටා ජනමාධ්‍යවේදියෝ සංවිධානය විසින්  රජයේ ප්‍රවෘත්ත අධක්ෂක ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. රට වටා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත යොමු කර ඇති ලිපියේ මෙසේද සදහන් වේ.

” රට පුරා විසිරී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට කොව්ඩ් එන්නත ලබා දීම සදහා වන ලැයිස්තු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සකස් කර ඇත.එම ලේඛණ වලට ඇතුළත් කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එන්නත ලබා ගැනීම සදහා කොළඹට පැමිණිය යුතු බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත.දුර බැහැර සිටින ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට එම කටයුත්ත ඉතා අපහසුකාරී වේ.ඇතැම් මාධ්‍යකරුවන් කොළඹ සිට සැතපුම් 300 ක් පමණ දුරින් පදිංචි වී සිටීම මෙම තත්ත්වයට හේතුව වී ඇත.

එමෙන්ම එන්නත ලබා දීමෙන් අනතුරුව කිසියම් සංකූලතා තත්ත්වයක් ඇති වුවහොත් එයද ආන්තරාකාරී වේ.මෙම තත්ත්වය නිසා රට පුරා සිටින සියළුම මාධ්‍යවේදීන්ට එන්නත ලබා ගැනීම සදහා කොළඹට පැමිණීම දුෂ්කර කටයුත්තක් වී ඇත.

කිසියම් ක්‍රමවේදයක් භාවිතා කරමින් ඒ ඒ දිස්ත්‍රික් වල පිහිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙත කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන ලෙසත්,එසේ නොවන්නේ නම් ඒ ඒ දිස්ත්‍රික්ක වල එන්නත ලබා දෙන අවස්ථා වලදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ප්‍රමුඛතවාය ලබා දීමට කටයුතු කරන ලෙසද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත යොමු කර ඇති ලිපියේ සදහන් වේ.

මේ අතර,කිසියම් ආකාරයකට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය වෙත කොවිඩ් එන්නත ලබා දෙන්නේ නම්, තම සාමාජිකයින් යොදවා එම එන්නත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ලබා දීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article