Wednesday, May 1, 2024

පිරමිඩාකාර මුදල් ජාවාරමක් ඉතා සිඝ්‍රයෙන් වෙන්නප්පුවේ පැතිර යයි ?

Must read

Katuneraiyaසූර්ය කෝෂ නිවාඩු පැකේජ් හා වටිනා විදුලි උපකරණ හරහා ක්‍රියාත්මක පිරමිඩාකාර මුදල් ජාවාරමක් ඉතා සිඝ්‍රයෙන් වෙන්නප්පුව කටුණේරිය නයිනමඩම දංකොටුව හා බෝලවත්ත ප්‍රදේශයන්හි පැතිරෙමින් තිබෙන බව ප්‍රදේශවාසිහු පවසති සමගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් හරහා යයි පවසමින් කෙරෙණ මෙම ජාවාරම නිසා මෙම ප්‍රදේශයන්හි රැකියාවන්හි නියුතු බොහෝ පිරිස් තම වෘත්තින් පවා අත්හරිමින් කෙටිකාලින වාසි වෙනුවෙන් මෙම ජාවාරම හා එක්වෙමින් තිබිම ඉතා හානිකර බව ප්‍රදේශයේ විද්වතුන් පෙන්වා දෙති මෙම ජාවාරම හරහා විකුණන ලබන භාණ්ඩ පිළිබඳව තත්ව සහතික හා වගකීම් පිළිබඳව පවා බොහෝ ගැටළු පවතින බවත් එම භාණ්ඩ මිලදිගත් පාරිභෝගිකයන් රැසක් එම උපකරණ වල දෝෂ සහගත තත්වය පිළිබඳව දැනුම්දීමට වගකිව යුතු ආයතනයක් නොමැති වීම තුල දැඩි අසරණ තත්වයට පත් වි ඇත වෙන්නප්පුව කොච්චිකඩේ හා කටුණේරිය යන නගරවල සංවිධානය කෙරෙන වැඩමුළු තුලින් නව පාරිභෝගිකයන් සොයා ගැනීම ඉතා උපක්‍රමශිලිව සිදු කරන බවත් පැමිණෙන දේශකයන්ගේ සිත් ගන්නා සුළු කතා හේතුවෙන් ජනතාව ඉතා ඉක්මනින් හා පහසුවෙන් මුදල් උපයා ගැනිමේ චේතනාවෙන් මෙම ජාවාරම හා සම්බන්ධ වුවත් තමන් විකුණන භාණ්ඩය වෙනුවෙන් තමන්ට වගවීමට සිදුවීම හේතුවෙන් තමන්ට ගැටළුකාරි තත්වන් රැසකට මුහුණ දීමට සිදු ව ඇතැයි එම ජාවාරම හා සම්බන්ධ වු නම හෙලිකිරිමට අකමැති වු සමාජයේ පිළිගැනිමක් තිබෙන පුද්ගලයෙක් අප හා පැවසීය මෙම පිරමිඩාකාර ජාවාරමේ මහ මොලකරුවන් නිතරම උත්සහා කරනුයේ එම ප්‍රදේශයන්හි සමාජයෙ පිලිගැනිමක් ඇති පුද්ගලයන්ව එම ජාවාරම හා සම්බන්ධ කරගෙන ඒ හරහා සමාජයේ එයට පහලින් තිබෙන ස්ථර වෙත මෙම ජාවාරම ව්යාප්ත කිරිමට බවත් තමන්ද ඔවුන්ගේ එම උපක්රමයට හසුවීම නිසා දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි එම පුද්ගලයා වැඩි දුරටත් කීය
මෙම පිරමිඩාකාර ජාවාරමේ විකිණෙන භාණ්ඩ වෙනුවෙන් මුදල් ගණුදෙනු කිසිදු නිත්‍යාණුකූලව ලියවිල්ලක් හරා සිදු නොවන නිසා රජයට කිසිදු ආදායමක් නොලැබෙන බවත් මෙය සමාජය තුල ව්‍යාප්ත වීම නිසා රජයට බදු ගෙවමින් විශාල සේවකයන් පිරිසක් එක්ව පවත්වගෙන යන තම ව්‍යාපාරවලට මේ හේතුවෙන් විශාල හානියක් වි ඇති බව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ද පවසා සිටිති මේ පිළිබඳව විමසීමේදි පොලිස් මාද්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මෙසේ පැවසීය මෙවන් පිරමිඩාකාර ගණුදෙණු සම්පුර්ණයෙන්ම නීති විරෝධි මේ දෙවල් ක්‍රියාත්මක කරන සමාගම් ලියාපදිංචි සමාගම් වුවත් එහි ගණුදෙණු කරන ආකාරය නිතියට පටහැනි නම් ඔනැම පුද්ගලයෙකුට පුලුවන් එම ජාලය ක්‍රියාත්මක වෙන අදාල පොලිස් ස්ථානයට ගිහින් පැමිණිල්ලක් දාන්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article