Saturday, May 18, 2024

පීඩිත ජාතීන්ගේ අයීතීන් පිළිබදව අනුරගෙන් කොල එළියක්

Must read

Anuraඊයේ   කොළඹ ගාලුමුවදොර පිටියේදී  පැවැත්වූ ජාතික ජන බලවේගයේ  මහ ජන රැස්වීමේදී ජනපති අපේක්ෂක ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතාව නම් කරන ලදී.
මෙම ජනතා බලවේගය සිවිල්  සංවිධාන  සහ දේශපාලන පක්ෂ 28 කින් සමන්විත වූ අතර   ප්‍රගතශීලී කලාකරුවන් හා මාධ්‍යවේදීන් රැසක්ද මෙම වේදිකාව නියෝජනය කරන ලදී.
ඉදිරියේදී රටේ පවතින දූෂිත තත්ත්වයෙන් රට මුදවා රටතුළ සෞභාග්‍ය උදාකිරීම මෙන්ම පුද්ගල නිදහසට ගරු කරන රටක් උදාකිරීමට තමන් කැපවන බවට  අනුර කුමාර දිසානායක මහතා සපථ කරන ලදී. එමෙන්මරටතුළ ස්ථීරසාර මහජන ආරක්ෂාවක් ඇතිකළ හැක්කේ ජාතීන්ගේ අනන්‍යතාවය සහ අයිතීන් පිළිගන්නා  පසුබිමක් තුළ බවත් ඒ ජාතීන්ගේ සංස්කෘතික සහ භාෂා අයිතියට ගරු කළ යුතු බවත් පැවසූ ඒ මහතා  ඒ වෙනුවෙන්  සියලූම ක්‍රියාමාර්ග ගන්නා බවටද එම අවස්ථාවේදී සහතික වන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article