Tuesday, May 7, 2024

පෙමක් නිසා ඇතිවූ ගැටුම දුරදිග ගොස් තරුණයෙකුට දිවි අහිමි වෙයි

Must read

images

ප්‍රේම සම්බන්ධයක් කර ගෙන දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකදී පහර කෑමට ලක්වූ තරුණයෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.  පසුගිය 09 වැනිදා සවස 6.00 ට පමණ ආරච්චිකට්ටුව පොලිස් වසමේ අත්තංගනය ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුවී ඇත. මිය ගොස් ඇත්තේ නල්ලදරන්කට්ටුව – පහල අත්තංගනය පදිංචිව සිටි හෙට්ටිආරච්චිලාගේ සහන් රවිදු උදයංග (අවු:17) නම් අයෙකි. සිද්ධියට සම්බන්ධ බව කියන එක් සැකකරුවෙකුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය වූ දින මිය ගොස් ඇති තරුණයා මහ මග ගමන් කරමින් සිටින විට ගැටුම ආරම්භ වී ඇත. පසුව එම ගැටුම දෙපාර්ශවයක් දක්වා දුර දිග ගොස් ඇත.ගැටුමේදී කිසියම් අයෙකු තරුණයාට උදළු මිටකින් පහර දී ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත.

ගැටුමෙන් තුවාල ලැබූ තරුණයාව එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.තුවාලකරුගේ තත්ත්වය බරපතල බැවින් ඔහුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට හලාවත මහා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි බව බවසා ඔහුව නැවත හලාවත මහා රෝහල වෙත එවීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

හලාවත මහා රෝහලේදී 10 වැනිදා අළුයම ඔහු මිය ගොස් ඇත.

 


ජුඩ් සමන්ත.

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article