Sunday, May 19, 2024

පෙරටුගාමීන්ට ගහන්ඩ ආපු අණ ආවේ ඉහළින් – සිරිතුංග ජයසූරිය

Must read

සිරිතුංගපසුගිය 09 වනදා ශ්‍රී ලංකා සමාජවාදී පෙරටුගාමී පක්ෂය විසින් ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට දී ඇමරිකාවේ වර්ගවාදී පාලනයට එරෙහිව පැවැත්වූ සාමාකාමී විරෝධයට එල්ල කළ  ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය  සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් ශ්‍රී ලකා සමාජවාදී පෙරටුගාමී පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ කිහිපයක්සහ කණ්ඩායම් මාධය හමුවක් පවත්වා තිබුණි. එහිදී කතා කළ එක්සත් සමාජවාදී  පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා විසින් අවධාරණය කර සිටියේ මෙම ප්‍රහාරය හුදෙක් පොලීසිය විසින් දියත් කළ ක්‍රියාවක් නොවන බවත් මෙම ප්‍රහාරය ආන්ඩුවේ ඉහළන් ආ නියෝගයක් මත සිදුකළ ප්‍රහාරයක් බව පොලීසිය හැසිරුණ ආකාරයෙන් පෙනී යන බවයි. ‘‘ පොලිසියට ඉවසීමක් තිබුණේ නෑ,අත්අඩංගුවට ගැනීමට හා පහරදිමට. නම් කතා කර කර තමා අත්අඩංගුවට ගත්තේ.  පොලීසිය ක්‍රියාත්මක වුණේ ඉහළින් ආපු දේශපාලන නියෝගය , ඉහළින්කියන්නේ කොහේද ? මෙම නියෝගය ගෝටාභය රාජපක්ෂ හරහා, කමල් ගුණරත්ත ගෙන් ආපු නියෝගයක් මේක වෙන එන්න නියෝගයක් නැහැ.‘‘ සිරිතුංග ජයසූරිය මහතා පවස්නනේ මෙම අමානුෂික පහරදීම විසින් වර්තමාන ජනාධිපති ගෝටාභය රාපක්ෂ ගේ මර්ධනීය පිළිවෙත  මුදාහළ අවස්ථාවක් බවත් ඉදිරියේදී ඇතිවීමට හැකි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී පාලනය පිළිබදව අනතුරක් ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ජෝර්ජ් ෆොලොයිඩ් නම් ඇමරිකානු ජාතිකයාව පොලිස් නිලධාරියෙකු විසින් ගෙල සිරකර මරාදැමීමට එරෙහිව එරට තුළ ඉතාමත් උණුසුම් අන්දමින් වර්ගවාදයට එරෙහි විරෝධතා රැල්ලක් ඇතිවී ඇති අතර ලෝකයේ අන් රටවලට මෙම සිදුවීම පිළිකුලින් හෙළාදිකිමින්  මෙම සිදුවීමට විරෝධය පළකරමින් සිටී.
ශ්‍රි ලංකා සමාජවාදී පෙරටුගාමී පක්ෂය විසින් 09 වනදා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී සාමකාමී  විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ ඇමරිකාවේ සිදුවෙමින් ඇති මෙම වර්ගවාදී  පාලනයට විරෝධය දැක්වීම පිණිසය. මෙම විරෝධාතවය අතරතුරදී  පොුවන්ලීසිය විසින් ඉතා අමානුෂික අන්දමට මෙම විරෝධතාකරුවන්ට පහර දී අත්අඩංගුවට ගනු ලබයි. එයට සහභාගී වෙමින් සිටි කාන්තාවන්ටද පහරදී ප්‍රචන්ඩාකාරයෙන් ඔවුන්ව ජීප් රථවලට ඇද දමයි.  මෙහිදී විරෝධතාකරුවන් 52 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article