Sunday, May 19, 2024

පොලිස් ප්‍රකාශක කියන්නේ බොරු ! : ”උද්ඝෝෂන පැවැත්වීමට අප විරෝධය පළකළේ නෑ” – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහලම බලධාරියා කියයි

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
උද්ඝෝෂණය සදහා තමන් විරුද්ධත්වය පළ කිරීමක් සිදු කර නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසයි.

උද්ඝෝෂණවලට අවසර ලබා නොදිය යුතු බවට සෞඛ්‍ය බලධාරියා ලෙස අනිල් ජාසිංහ නිර්දේශ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න කර තිබු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු එබව සඳහන් කළේය. ඒ, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී අදහස් දක්වමිනි.

”උද්ඝෝෂණ පැවැත්වීම පිළිබඳ සමාජ දුරස්ථභාවය ඇතිව සීමිත සංඛ්‍යාවක් යටතේ කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයක් බව පෙන්වා දිය යුතුයි. එසේ නැතිව උද්ඝෝෂණ සඳහා අප විසින් විරුද්ධ වීමක් නොමැති බවත් කිව යුතුයි’ යයි ඔහු එම වැඩසටහනේ දී අවධාරණය කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹදී සංවිධානය කළ සාමකාමී විරෝධතාව මර්දනය කිරීමට පොලිසිය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුලින්ද විරෝධයක් මතුව ඇත. එම ප්‍රහාරය හෙලා දකිමින් ට්විටර් පණිවිඩයක් නිකුත්කර තිබු හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් ද කර තිබිණ.

Namal twite

පොලිස් ප්‍රහාරය ගැන ජාත්‍යන්තර විරෝධයක්!

එක්සත් ජනපදයේදී පොලිස් පහරදීමකින් ජෝර්ජ් ෆ්ලොයිඩ් මියයාම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජූනි 9 වැනිදා ලිප්ටන් වටරවුමේදී සංවිධානය කළ සාමකාමී විරෝධතාවයට   පොලිසිය මැදිහත්වූ අකාරය පිළිබඳව විරෝධය පළකරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ද ‘ට්වටර්’ පනිවිඩයක් නිකුත්කර ඇත.

සාමකාමී එකරාශිවීම්වලට නිදහස හිමිවන ආකාරයටම වෙනත් අවස්ථාවලදී සාධාරණ ආකාරයෙන් ක්‍රියාත්මක වියයුතු බවද විරෝධතාකරුවන්ට ස්වෙච්ඡාවෙන් විසිරයාමට අවස්ථාව ලබාදිය යුතු බවද එහි සඳහන්කර ඇත.

මෙම ට්විටර් පණිවිඩය නිකුත්කර ඇත්තේ පොලිසිය විසින් විරෝධතාකරුවන් මැදට කඩාපැන පහරදෙමින් ඔවුන් කුඩා වාහනයක ඒක පොකුරට රැගෙන යන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය හරහා විකාශය වීමෙන් පසුවය.

amnesty tweet

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article