spot_img
spot_img
Sunday, August 16, 2026
spot_img
spot_img

බන්ධනාගාර තදබදය අඩුකිරීමට මේ මාසය තූළ රස පරීක්ෂක වාර්තා 9000ක් ලබාදීමට පියවර

Must read

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ(15) මීගමුව දළුපොත පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

මේ මාසය තුළ රස පරීක්ෂක වාර්තා 9,000ක් ලබාගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත්, එමඟින් රැඳවියන් විශාල පිරිසකට ඇප ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, දිවයිනේ බන්ධනාගාර 33ම ආවරණය වන පරිදි හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක වන විශේෂ කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය. රැඳවියන් සමඟ සෘජුව සාකච්ඡා කළ අමාත්‍යවරයා ඔවුන්ගේ ආහාර, සනීපාරක්ෂක පහසුකම් සහ රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම සම්බන්ධ ඉල්ලීම් පිළිබඳව ද අවධානය යොමු කළේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article