Friday, May 3, 2024

බිංගිරිය පොලීසියේදී ජාතික නාලිකවක මාධ්‍යවේදියෙකුට පහරදෙයි

Must read

ජාතික රූපවාහිනී සංස්ථාවේ, කුලියාපිටිය ප්‍රාදේශීය වාර්තාකරු දිනෙත් කුමාර මහතාට බිංගිරිය පොලීසියේ නිලධාරීන් විසින් පහරදීමේ පුවතක් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙම සිදුවිමට හේතුවී ඇත්තේ පොලිසිය තුලදී ප්‍රවෘත්තියක් වාර්තා කරමින් අවස්ථාවෙදි වන අතර එහිදී ඔහුට පහර අත්අඩංගුවට ගෙන ඇත.

නොවැම්බර් 30 වැනිදා උදෑසන 9.00ට පමණ බිංගිරිය පොලිස් ස්ථානයට ගොස් ප්‍රවෘත්තියක් වාර්තා කරමින් සිටි අවස්ථාවේදි ඔහුට පහර දී කැමරා සහ උපකරණවලට හානි වන ආකාරයෙන් කටයුතු කිරීම හා අනතුරුව මාධ්‍යවේදියා බන්ධනාගාරගත කිරීමටද බිංගිරිය පොලිසිය කටයුතු කර ඇත.

දිනෙත් කුමාර මහතා විසින් බිංගිරිය පොලිස් ස්ථානයේ නාම පුවරුවේ දර්‍ශනයක් ලබා ගන්නා අවස්ථාවේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු පැමිණ ඔහුට තර්ජජනය කර ඇත. ඔහු තමන් මාධ්‍යවේදියෙකු බව තම අනන්‍යතාව සඳහා මාධ්‍ය හැඳුනුම්පත පෙන්වද්දිත් ඒ පිළිබඳව සැළැකිල්ලක් නොදක්වා ‘හොර මාධ්‍යවේදියෙකු‘ යැයි පවසමින් ඔහුව ඔසවාගෙන පොලීසිය තුළට ගෙන ගොස් පහරදී ඇති බයි වාර්තා වන්නේ.

අධිකරණයේදි මාධ්‍යෙව්දියාගේ වෘත්තිය නිදහස සම්බන්ධයෙන් විනිසුරුවයා විසින් පොලීසියට පැහැදිලිකරදිමක් ද සිදුකර ඇති බවද නිල නොවන ආරංචි මා්ග සදහන් කරයි.

ජං

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article